Wednesday, April 11, 2012
සුනාමිය, ඉතින් ස්තූතිය්
අද තිබ්බෙ වෙනද තිබුනු ලංකාව නෙමෙය්.
මිනිස්සු හැමෝම එක කල්පනාවක, එක අරමුනක.
"සුනාමියක් එනවලු". මේ ආරාංචිය මිනිස්සු එකිනෙකාට කියාගත්තෙ බයක් වත් දුකක් වත් හිතේ තියා ගෙන නෙමෙය්, අමුතු ත්‍රාසයක් එක්ක.
කට්ටය එහෙ මෙහෙ දිව්ව, මුහුදු හූලඟක් නොවදින මානෙක වත් නොහිටපු මිනිස්සු රූපවාහිනියෙය් දුරකථන වලය් එල්ලී ගෙන. ගෙවල් ගානෙ ආරංචිය අරන් යනව.
"සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කලා" රූපවාහිනියෙන් කිව්වම අපි හැමෝම සැනසුම් සුසුමක් හෙලුව, හැබැය් ලෝකෙට පේන්න විතරක්. ඔය නිවේදනයත් එක්ක හිත් යට ඇති උනේ ලොකු බලාපොරොත්තු කඩ වීමක්.
ලෝකෙට පේන්න හනේ හපොය් කිව්වට මුලු රටේම අවධානය ඇද ගන්න දෙයක් වෙනවට හිත ඇතුලෙ අපි හැමෝගෙම කාලකන්නි ආසාවක් තියෙනව.
"ඉස්සර ලංකාව විනෝදජනකය්, ත්‍රාසජනකය්, සැරෙන් සැරේ බෝම්බ පුපුරනව, ඒත් යුද්ධෙ ඉවර උනාට පස්සේ ලංකාව අම්බානක කම්මැලි රටක් උනා"
වෙබ් අඩවියක ලංකාව ගැන තිබුනු ලිපියක් යටින් වැටිල තිබුනු ප්‍රතිචාරයක් වසරකට විතර කලින් මම දැක්ක.
බෝම්බයක් සුනාමියක් ගැන දැනගත්තම ඇඟ පුරා ගලා ගෙන යන හෝමෝන පහරවල් එක්ක මනසට ඇඟට එන්නෙ අමුතුම ගැම්මක්. ඕක පිටකරගන්න අපි පුලුවන් තරම් දුරකථන වලින් ඔය ආරංචිය පතුරනව. ප්‍රවෘත්ති බලනව.
ඉස්කෝල, පන්ති කට් කරන්න පුලුවන් නිසා පොඩි එවුන් උඩ පනිනව. මහ එවුන්ටත් ටික වෙලාවකට දෙවනි ජීවිතයක් ලැබෙනව. හැමෝම එකම අදහසක් යටට එනව. නෑදෑයොන්ට කතා කරන්න හම්බෙනව. ඒක කලාතුරකින් හම්බෙන කැත වගේම ලස්සන මොහොතක්.
මිනිස්සු දාස් ගානකගෙ ජීවිත ඇපේට තියල අපි ඒ මොහොත විඳිනව.
හිතේ එක පැත්තකින් හානියක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කලාට හිතේ අනික පැත්තෙන් පත රැල්ලක් ඇවිල්ල ගොඩනැගිලි කඩා ගෙන යනව බලන්න ආසය්. හැබැය් හිතේ ඒ පැත්ත අපි කාටවත් පෙන්නන්නෙ නැහැ.
ලංකාවෙ අද ක්‍රමයෙන් වැඩි වෙන ජාතිවාදෙ, ඇමරිකන් විරෝදෙ පිටිපස්සෙ තියෙන හේතුව ඕක. වසර ගනනාවක් යුද්ධෙන් ගත්ත ඔය ආතල් එක පාරටම නැති වුනාම කුඩු කාරයෙක්ට කුඩු නැති වුනාම වගේ ලංකාවෙ මිනිස්සුන්ට අරමුනක් නැති උනා. ජීවිතේ කම්මැලි උනා.
අපි එදා ඉඳන් හතුරෙක් හොය හොයා යනව. වෙලාවකට මුස්ලිම් මිනිස්සු මේ හතුරගෙ තැන ගන්නව, නෝ ලිමිට් ටොෆිය මේ තැන ගන්නව. වෙලාවකට ඔබාම හතුර වෙනව, තවත් වෙලාවකට රිය අනතුරුත් ත්‍රස්ථවාදයක් හැටියට හංවඩු ගැහෙනව.
ආන්ඩුව ඔය වචන පාවිච්චි කරන්නෙ හිතු මතේට නෙමෙය්, ඇත්තටම ජන මනස අඳුරගෙන ඉන්න නිසා.
කාලෙකට පස්සෙ මේ මිනිස්සුන්ට සුරාන්තය හැදෙන තරමටම සුනාමියෙන් වින්දනයක් දුන්න.
සුනාමිය,ඉතින් ස්තූතිය්.
Saturday, April 7, 2012
ආගම මිනිස්සුන්ටද?
"ආගම කියන්නෙ මේ බඩගින්න වගේ පටු අරමුනු වලට විසඳුම් දෙන්න තියෙන දෙයක් නෙමෙය්". බෞද්ධාගමික වැඩසටහනක් අතරතුර බඩගින්නට දුප්පත් මිනිහෙක් පාන් ගෙඩියක් හොරකන් කලොත් පව්ද අපේ හාමුදුරුවනේ කියල නිවේදකය අහපු ප්‍රශ්නෙට පිලිතුර හම්බුනේ ඔහොම.
මේ වැඩසටහන විකාශය උනේ රජයේ නාලිකාවක. සුදු ඇඳගත්තු මිනිස්සු සියයක් විතර කකුල් කෙටි අඹර ගෙන බිම ඉඳගෙන දාඩිය පෙරා ගෙන බෙහොම සාවධානයෙන් මේ කතාව අහගෙන ඉන්නව. මිනිස්සුන්ට අඩියක් විතර උඩින් බොහොම සැප පහසුවට තමන්ට වෙන් වුනු ආසනවල ඉඳගත්තු භික්ෂුවකුය්, මහාචාර්ය කෙනෙකුය්.
ඊලඟට මේ භික්ෂුව මෙහෙම කියනව. "ඒ මනුස්සයට පාන් ගෙඩිය හොරකන් කරන්න උනේ දුප්පත් වෙලා ඉපදුනු නිසා, ඒ පෙර ආත්ම වල කරපු පව් වල ප්‍රතිපලයක් හැටියට ".
මරනෙට තියෙන බය නිසා බන අහන්න ආපු වයසක උන්දල ටිකත් ඉතින් ඔලුව හොල්ලනව. ඔතන තමය් හැම ආගමකම උපත. මරනෙ ගැන තියෙන භය, මරනෙ නිසා ඇති වෙන දුක වහගන්න ඒ දවස්වල හිටපු මිනිස්සු කලේ ලස්සන සීනි බෝල කතා ටිකක් හදල හිත් සනස ගන්න එක.
අන්තිමට බලනකොට මිනිස්සුන්ට කන්න බොන්න නැත්තෙ ආර්ථිකය ක්‍රමයේ හෝ රජයේ හෝ වැරැද්ද නිසා නෙමෙය්, මිනිස්සුම පෙර ආත්ම වල කරපු පව් නිසා.
මහාචාර්යතුමා ඊලඟට මෙහෙම කියනව " ඔය ස්වීඩනයෙ ඇති නැති පරතරය බොහොම අඩුය්, ඇය් ඒ වැඩිය හම්බකරන්න දෙන්නෙ නැහැ ගහනව ටැක්ස්"
කට්ටියගෙම මූනෙ සතුටු හිනාවක් ඇඳෙනව, ලංකාවෙ ආන්ඩුව ටැක්ස් ගහන්නෙ මිනිස්සුන්ට තියෙන ආදරේට.
"ඔය කිරි පිටි වල ඇති දෙයක් නැහැ, මිනිස්සු රවට්ටනව විතරය්, අපේ සමහර මේ ආන්ඩුවට බනිනව කිරි පිටි ගනන් කියල"
ඔය අතරෙ තරුන මූනවල් ටිකකුත් පේනව. පහුගිය කාලෙ ආගම පුලුවන් තරම් උත්සහ කලේ ආගම "කූල්" දෙයක් කරන්න. කූල් ඕනෙම දේකට තරුන තරුනියො ඇදිල එනව. අන්තිමට ලංකාවෙ ඊලඟ පරම්පරාවත් දැන් ඉන්න පරම්පරාව වගේම වෙලා ඉවරය්. ආගම අස්සෙ මනස හිරකරගෙන, ගෝත්‍රවාදයෙන් පස්ස පැත්ත අවුලගෙන.
අන්තිමට කට්ටිය තමන්ගෙ දුප්පත් කමට තමන්ටම ශාප කර කර ගෙදර යන්න ඇති. ඊලඟ ආත්මෙවත් සල්ලිකාරයෙක් වෙන්න පන්සලට මොනා හරි පූජ කරන්න හිතා ගන්න ඇති. හාමුදුරුවරු කියනව මට ඇහිල තියෙනව හිඟන්නන්ට කන්න දුන්නට පින් සිද්ධ වෙන්නෙ නෑ කියල, පන්සලට දානෙ දුන්නම පින වැඩියිලු.
ආගම හැමදාම පුටු උඩ සැපට, මිනිස්සු හැමදාම අඩි ගානක් පහලින් බිම පෙරලිගෙන, වැඳගෙන. ලඟදි බෝ ගහකට මිනිහෙක් නැග්ග නිසා ඒ බෝ ගහ හෝදල "පිරිසිඳු" කරන්න වුනාලු. ඒ කියන්නෙ මිනිස්සු අපිරිසිඳුය්. මොන සංවිධානාත්මක ආගමත් අවුරුදු දහස් ගානක් තිස්සෙ ඉඳන් කලේ ඕකමය්. මිනිස්සුන්ට තමන් ගැනම පහත් විදියට හිතන්න පුරුදු කරන එක.
උඹලගෙ ආත්මය කිලිටිය්, අපිරිසිඳුය්, උඹල පව් කාරයො, උඹලගෙ ජීවිත දුකය්, උඹලගෙ ගැලවුම අපි තමය් කියල සිස්ටම් එකට කඹුරව ගන්න එක. හැමෝම ආගමට වෙන අපහස ගැන කතා කලාට ආගමෙන් මිනිස්සුන්ට කරන මේ අපහස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ.
ඉතින් ගමේ පන්සල් පල්ලි කෝවිල් රත්තරන් වලින් තට්ටු ගනන් උසට හැදෙනව, ගමේ මිනිස්සු ටික පෙට්ටි ගෙවල් වල.
පල්ලිය පන්සල කෝවිල සල්ලි නැති මිනිහ ඉන්නෙ සතුටෙන් කියල උගන්නනව, පොඩි මිනිහ හිත හදාගෙන හැමදමෙ පැදුරෙ නිදාගන්නව.
බඩගින්න පටු අරමුනක් කියන හාමුදුරුවන්ට වෙලාවට නොමිලේ හොඳට දානෙ හම්බනව, ඕක අහන් ඉන්න මිනිහ රස්සාවෙදි මැරිල මැරිල පොල් සම්බෝලය් බතුය් කනව. කරුමෙ කියල හිත හදාගන්නව.
දේශපාලකයන් සතුටෙන් කල් ගත කරනව
මට අන්තිමේදි මතක් උනේ සූරිය අරනෙ වැද්ද කියපු කතාවක්.
"යකෝ, ඔය මොන ලෝකෙ ගියත් යන්නෙ මලාට පස්සේ!!"
Wednesday, February 8, 2012
ආගමේ බූදලයක් උනු අපේ ප්‍රකාශන අයිතිය.
තමන්ගෙ ආගමට අපහස කරල ගීතයක් නිර්මානය වෙලා කියල කට්ටියක් මහා සද්දයක් දානව. මාස ගනනාවක් තිස්සෙ කිසිම ප්‍රශ්නයක් නොමැතිව මාධ්‍යය ඔස්සේ විකාශය වුනු ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතයට එරෙහිව එක්වරම ලොකු විරෝධතාවයක් එල්ල වෙන්න පටන් අරන්. ගීතය නිකුත් වෙලා මාස ගනනාවක් ගිහිනුත් කාටවත් නොපෙනෙනු අපහසයක් එක් වරම පේන්න පටන් අරන්, කාගෙන්දෝ කට්ටිය එක්වරම මොලේ හෝදගෙන.
Blasphemy, එහෙමත් නැත්නම් ආගමික අපහසය කියන්නෙ ගොදුරක් නැති අපරාධයක්. අපහසය කියන්නෙ ඕනම දේකට ආදේශ කරන්න පුලුවන් නියම නිර්වචනයක් නැති සංකල්පයක්. යමක් අපහසයක් ද නැත්ද කියල තීරනය කරන්න අදාල ප්‍රකාශය කරපු පුද්ගලයගෙ හිත ඇතුලටම එබිල බලන්න වෙනව. උදාහරනෙකට අපි අපේ හිතවතුන්ට සමහර වෙලාවට විවිධ නම් වලින් ආමන්ත්‍රනය කරන්නෙ ඔවුන්ට රිදවන්න බලාගෙන නෙමෙය්. මේ නිසා වැදගත් වෙන්නේ පුද්ගලයාගේ අරමුනය්.
ආගමික රූපයක් ඇඳුමක යොදාගන්න පුද්ගලයෙක්ට තර්ක කරන්න පුලුවන් ඔහු එහෙම කලේ තමන්ගෙ ආගමට තියෙන භක්තියට කියල, තමන්ගෙ ආගම ප්‍රචාරය කිරීමේ අරමුනෙන් කියල. ඒ නිසා අරමුන ඒ පුද්ගලය විසින්ම පැහැදිලි කරොත් මිසක් පිටස්තරයෙක්ට තාර්කිකව ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෙමෙය්.
මේ වගේම ආගමික අපහස කියන්නෙත් ඕනම විදියකට හැඩ ගස්සල තමන්ගෙ වාසියට හදා ගන්න පුලුවන් දෙයක්. බොහෝ පිරිස් තමන්ගෙ ආගමික විශ්වාස විවේචනය වීම වලක්වා ගැනීමට උපක්‍රමශීලීව ඔය සංකල්පය පාවිච්චි කරනව. මැද පෙරදිග උදවියට තමන්ගෙ නායකයගෙ රූපය ඇඳීම අපහසයක් වෙද්දි, පකීස්ථානෙ අයට සිසුවෙක් මුහම්මද් ගැන ලියවුනු කවියක් වැරදියට විභාගයකදි ලිවීමත් අපහසයක් වෙනව. මේ නිසා නිර්මානයකට තමන්ගෙ ආගමේ රූපයක් යොදා ගැනීමේ ඉඳන් තමන්ගේ ආගමික නායකයාගේ රූපයක් තිබෙන කාමරයක අධෝවාතයක් පිටකිරීම වෙනකන් ආගමික අපහසයක් හැටියට හඳුන්වන්න පුලුවන්.
ආගමික අපහසය කියන සංකල්පයේ තියෙන මේ පදනම් විරහිත භාවය නිසාම එය තව දුරටත් බොහෝ රටවල් වල නීතියක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. නමුත් ලංකාවෙ තවමත් ඔය යල්පැන ගිය නීති ක්‍රියාත්මක වෙනව.
එක්තරා මුස්ලිම් කන්ඩායමක ඉල්ලීමක් නිසා ඉරාජ්ගෙ මියුසික් වීඩියෝවක් තහනම් වෙනව, තවත් කිතුනු කන්ඩායමක් නිසා The Da Vinci Code චිත්‍රපටිය ලංකාවෙ ප්‍රචාරය වෙන්නෙ නැහැ. බෞද්ධ කන්ඩායමක ඉල්ලීමක් නිසා දලදා මාලිගාවේ රූප අඩංගු ටීශර්ට් තහනම් වෙනව, ගයාන් පෙරේරගෙ ගීතය තහනම් වීමට වැඩ කටයුතු සැලසෙමින් පවතිනව.
ඇත්තටම මේ තහනම් වෙන්නෙ මොනවද, අපේ ප්‍රකාශන අයිතිය, අපේ නිදහස. කලාව කියන්නෙ එක ආගමික කන්ඩායමක බූදලයක්ද, ඔවුන්ගේ හිත රිදුනු පලියට ලංකාවේ කලා නිර්මානයක් අනිකුත් සියලු ජනතාවගෙන්ම එය උදුර ගන්න?
දේශපාලකයන්, දේශපාලන මත ප්‍රහසනයට ලක් කරමින් කරමින් හෝ ඔවුන්ව වර්නනා කරමින් කාටූන් අඳින්න, ගීත නිර්මානය කරන්න අපිට ඉඩ තියෙනව, නමුත් අපිට ආගමට අමුතු ගෞරවයක් දක්වන්න, බියක් දක්වන්න සිද්ධ වෙලා. ආගමට විතරක් ලංකාවේ ජන සමාජය තුල අනික් කිසිම මතයකට නැති විශේශ බලයක් හිමි වෙලා.
ඒ බලය පිලිකාවක් වෙලා අද අපේ ප්‍රකාශන අයිතිය ටික ටික මරන්න පටන් අරන්. ඔබ නිර් ආගමිකයෙකු උනත්, අදාල ආගමික කන්ඩායමට අයිති නැති අන්‍යාගමිකයකු උනත්, කොටින්ම අදාල ආගමික කන්ඩායමට අයිති නමුත් අන්තවාදයට නොයන්නෙක් උනත්, ඔබේ රසාස්වින්දනයට ඇඟිලි ගහන්න, ඔබ කැමති ගීතයක් තහනම් කරවන්න, ඔබේම නිර්මානයක් තහනම් කරවන්න ඔවුන්ට බලය හිමි වෙලා, ඔබේ අරමුන කලා නිර්මානයක් හරහා ඔබේ අදහස් ප්‍රකාශ කිරීම පමනක් වුවත්.
දලදා මාලිගාවෙ රූපයක් ඇඳුමක මුද්‍රනය කිරීමට වඩා කට්ටියට ප්‍රශ්නයක් උනේ එය කාන්තා ඇඳුමක ලය ප්‍රදේශයෙ මුද්‍රනය වීම. කාන්තාව යනු අපිරිසිදු, කාන්තාවකගෙ පියයුරු කියන්නෙ අපිරිසිඳු, ලිංගික කර්තවයකට පමනක් යොදා ගත හැකි වලත්ත දෙයක් කියන අදහස නෙමෙය්ද මේ තමන්ගෙම අම්මගෙ පියයුරු වලින් කිරී බීල වැඩුනු අය කියන්නෙ?
මේ අපහස කිරිල්ල කොහෙන් නතර වෙය්ද, සමහර විට තව ටික දවසකින් ආගමික මධ්‍යස්ථානයක් අසලින් බස් රථයක යන විට ඉඳගෙන යාමත් තහනම් කරාවි. නැතිනම් රූපවාහිනියෙන් රේඩියෝවෙන් ආගමික වැඩසටහන් විකාශනය කරන වෙලාවට ගෙදර පුටුවෙ පවා ඉඳගන්න තහනම් කරාවි.
ආගමික නායකයන් ආගමික සිද්ධස්ථාන චිත්‍රයට නගන්න කලින් ඔබේ චිත්‍ර ඇඳීමේ හැකියාව මැනල බලන්න පටන් ගනීවි, මොකද රූප විකෘති වෙලා 'අපහසයක්' වෙන්න පුලුවන් නිසා.
එක් ආගමික කන්ඩායමකට අයත් සුලු පිරිසකගෙ වැඩ වලට ඒ මුලු කන්ඩායම වග කිව යුතු නැති බව මම විශ්වාස කරනව. එක් එක් පුද්ගලයන්ගෙන් මොල හෝද නොගෙන තනිවම හිතන ආගමිකයන්, තමන්ගෙ විශ්වාස අනුන්ට බලෙන් ඔබන්නට නොහදන ආගමිකයන්කෙන් කාටවත් කරදරයක් නැහැ.
ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රචාරය කරන කොට, ආගමික ගීත ලවුඩ්ස් පීකරයෙන් හැමෝටම ඇහෙන්න ප්‍රචාරය කරන විට අකමැති උනත් කැමති උනත් ඒව කාගෙත් එදිනෙදා ජීවිතයෙ කොටසක් බවට පත්වෙනව.
ජයමංගල ගාථා ආගමික කටයුතු වලට පමනක් යොදා නොගෙන මංගල උත්සවය වගේ සාමාන්‍ය ජීවිතයෙ අංගයකට යොදාගත්තම ඒක සංස්කෘතියෙ කොටසක් වෙනව. යම් කිසි නිර්මානකරුවෙක්ට අදාල මොහොත තාත්විකව නිර්මානය කරන්න ජයමංගල ගාථා යොදාගන්න වෙනව.
මේ නිසා ඔබගේ ආගමික ගොඩනැගිලි, සංකේත හෝ ශ්ලෝක හෝ ගීත වැනි දේ කලා නිර්මාන වල අඩංගු වීම වලක්වගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ එකම දෙයය්. ඔබේ ආගම හංගන්න. ඔබේ ආගමික ගොඩනැගිලි මිනිස්සුන්ට පේන්න තියන්න එපා, ලොකු තාප්පයක් ගහල වහල දාන්න. මොකද ඒ ගොඩනැගිල්ලෙ ආකෘතිය ලස්සනය් කියල හිතුනොත් කලාකරුව ඒක චිත්‍රයකට නගල ටීශර්ට් එකේ ප්‍රදර්ශනය කරනව.
ඔබගේ ආගමික ගීතයන් කලාකරුවන් සහභාගී වන උත්සව වල වාදනය කරන්න එපා, මොකද ඔවුන්ට හිතුනොත් ඒක ලස්සනය් කියල , ගීතයකට යොදාගනීවි.
කරුනාකර ඔබේ ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප මම බලන රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය කරන්න එපා, මම යන එන මග තොටේ ප්‍රදර්ශනය කරල මට බලෙන් පෙන්නන්න එපා. මොකද ඒව ලස්සන නම්, කලා නිර්මානයකට අවශ්‍ය නම් මිනිස්සු ඒව යොදා ගන්නව
ඒ නිසා ඔබේ ආගම බලෙන් මගේ ජීවිතයට ඇතුලත් කරල ඊට පස්සෙ මගේ ජීවිතය ප්‍රකාශ කරන්න මම ඒව යොදාගත්තම මට චෝදනා කරන්න එපා.
මේ නිසා ඔබගේ ආගම ඔය ප්‍රකාශන මාධ්‍යයන්ගෙන් වෙන් කරගන්න අවශ්‍ය නම් කරුනාකර ඔබගේ ආගම රහසිගත සංවිධානයක් කර ගන්න, එය මටත් ලෝකයටත් කරන ලොකු උපකාරයකි. ඔබට කැමති ආගමක් ඇදහිමේ අය්තියට මම ගරු කලත්, ඒ ආගම පාවිච්චි කොට මගේ නිදහස අවහිර කරනවාට මම එකඟ නැත. ඔබගේ ආගම ඔබේ බූදලයක් විය හැක, නමුත් කලාව ඔබේ බූදලයක් නොවේ, මගේ අදහස් ඔබේ වහලෙක් නොවේ.
Wednesday, January 18, 2012
රෑපවාහිනියට යකෙක් ගහය්
සිහින පියාපත් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි වර්ගයේ ටෙලි නාට්‍යයක් නෙමෙය්. රාත්‍රි කාලයෙ විකාශය වෙන තවත් මෙගා ටෙලි නාට්‍යයක්. මූලික කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැත්තෙ හැම මෙගා එකකම තියෙන්නෙ එකම කතාව නිසා. කතාවකට වඩා පවුලක් අස්සෙ වෙන අගක් මැදක් මුලක් නැති සිදුවීම් මාලාවක එකතුවක්.
ඒත් එකපාරටම මේ කතාවෙ අපූරු සිදුවීමක් වෙනව. බෝතලේක හිර කරල හිටපු අවතාරයක් නිදහස් වෙලා කතාවෙ චරිත බය කරන්න පටන් ගන්නව. සාමාන්‍යයෙන් තාත්වික කතාවක් තුල සිදු නොවෙන දෙයක්. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ වෛද්‍යවරියක් සහ වෛද්‍ය වෘතියේම නියැලෙන ඇයගෙ සැමියා.
"විද්‍යාවට හසු වෙන්නෙ නැති කොච්චර දේවල් මේ ලෝකෙ තියෙනවද".හොල්මන දකින වෛද්‍යවරයා තමන්ටම කියා ගන්න ගමන් කට්ටඬියෙක් හොයාගෙන යනව. තමන්ගෙ බිරිඳටත් විද්‍යාවේ නොහැකියාව ගැන කිහිප වාරයක් දේශනා කරනව.
බෝතලේ ඇතුලෙ හිර වෙලා ඉඳල එලියට පැන්නෙ හොල්මනක් විතරක් නෙමෙය්, සමාජ යථාර්තයක්.
අපේ රටේ භෞතික විද්‍යාඥයො පෝයට සිල් අරන් රූපවාහිනී වලට ඇවිත් බන කියනව. ෆොටෝශොප් කරල හදපු බූත ඡායාරූප පෙන්නනව. කිර්ලියන් කැමරා වලට බූතයො පේනව කියනව. සමහර භෞතික විද්‍යාඥයො දෙවි වරුන්ගෙ උදව්වෙන් පරීක්ශන පවත්වනව.
මනෝ උපදේශකවරුන්ට ආගම ගාවගන්නෙ නැතුව උපදෙස් දෙන්න අමාරු වෙනව. මනෝවෛද්‍යවරු මෝහනයෙන් පෙර ආත්මය කියවනව. රූපවාහිනී නාලිකා කනප්පුවෙන් හොරු අල්ලනව.
නෙත් එෆ් එම් පැත්තකට වෙලා ඉන්දන් කට්ටඬින්ට කින්ඩිය දානව, විශ්වාස පද්ධති වලට 'මිත්‍යා විශ්වාස' ලේබලේ ගහනව. එහෙම කියන ඒ උන්දලම වෙන ආගමක් ප්‍රමෝට් කරනව, ඒක රකින්න පෙනී හිටින ආගමික පොලිසියක් වෙනව.
විද්‍යාවෙන් දැනට හොයාගෙන නැති දේ ඕන තරම් දේ තියෙන්න පුලුවන් කියන කාරනාව අපේ අය දෙවරක් නොහිතා ඕනෑම සුරංගනා කතාවක් සියයට සියයක් විශ්වාස කරන්න හේතුවක් කරගෙන. ලෝකයෙ වෙනත් රටවල් වලින් බහු බූත වලින් ඈත් වෙලා තමන්ව හොයා ගෙන යනකොට අපි අපෙන් ඈත් වෙලා තරු වලින් අනාගතේ අහනව, අපි අත්දකින්නෙ නැති දේවල් ගැන විශ්වාසෙ තියාගෙන හීන ලෝකෙක ජීවත් වෙනව.
මෙගා නියෝජනය කරන්නෙ ඔය සංස්කෘතිය. මෙගා කාරයො හොන්දට දන්නව තමන්ගෙ ප්‍රේක්ශකයො වෙන්නෙ කව්ද කියල. රස්සාවෙන් පස්සෙ ගෙදර ඇවිත් රූපවාහිනය ඉස්සරහ වැටෙන මිනිස්සුන්ටය්, බත් හැලියෙන් එහාට ජීවිතයක් නැති කාන්තාවොන්ටය් ආතල් දෙන එක තමය් මෙගා වල රාජකාරිය. හැම මෙගා එකක්ම සුපිරි ජීවිත ගත කරන චරිත වටා ගෙතෙන්නෙ ඒ හින්දය්, මොකද මෙගා ප්‍රේක්ශකයගෙ හීන හැදිල තියෙන්නෙ ඒවයින්.
ඒ විදියටම අපේ අයගෙ "විද්‍යාවට වඩා අපි ඉදිරියෙන්" මානසිකත්වයත් මෙගා වලට රිංග ගෙන. කතාවට කිසිම ගැලපීමක් නැති හොල්මනක් දාල වෛද්‍ය චරිතයක් විද්‍යාව නියෝජනය කරන්නෙකු හැටියට පෙන්නුම් කරල, ඒ චරිතෙන්ම විද්‍යාව පහත් කරවන එකෙන් මෙගා කාරය බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ප්‍රේක්ශකයගෙ හිත දිනා ගන්න. මෙගා කාරය දන්නව ලංකාවෙ මිනිස්සු තමන්ගෙ අසූචි උනත් සුද්දගෙ දියමන්ති වලට වඩා හොඳය් කියල හිතා ගෙන ස්වයං වින්දනය කරන්න කැමති බව.
තවත් නාලිකාවක විකාශය වෙන මෙගා නාට්‍යයක ඉන්න මැර චරිතයක් යහපත් මිනිහෙක් වෙනව. මිනිහ යහපත් වෙන්නෙ සුදු ඇඳල, පන්සල් ගිහින් මල් පූජ කරන්න, භාවනා කරන්න පටන් අරන්. හොඳ මිනිහෙක් වීම කියන්නෙ සුදු ඇඳීම, ඒත් නැත්නම් ආගමීකරනය වීම කියල අපේ මිනිස්සු දරන හිස් මතය මේ නාට්‍යයෙන් හොඳට නිරූපනය වෙනව.
මෙගා වල ඔහොම වෙද්දි සිරස ටීවී ගලක් අරන් රට වටේ යනව. චීත්ත රෙද්දක් ඇඳ ගත්තු වයසක කාන්තාවක් ඇවිල්ල ගලට හූනියමක් කරනව කැමරාව ඉස්සරහම. ඔහොම අයට තමය් අද අපේ රටේ දේශපාලන බලය තියෙන්නෙ.
ඔහොම අයට ඇම දාගන්න තමය් මොන දේශපාලකයත් හදන්නෙ, සජිත් වගේ. ආගමික මධ්‍යස්ථාන වලට සල්ල බෙදමින්, කුරානෙ, බයිබලයෙ, ත්‍රිපිටකයෙ වාක්‍යය කියවමින්, ආගම දේශපාලනය ඔක්කොම පටලවගෙන සජිත් හදන්නෙ ජන මනස හඳුන ගත් නායකයෙක් වෙන්න.
තව දේශපාලකයො පිරිසක් ප්‍රශ්න දෙවියන්ට බාර කරනව, කෝවිල් ගානෙ ගිහින් පොල් ගගහ කන්නලව් කරනව.දැන් දැන් රනිලුත් ඔය මානසිකත්වය ගැන ඉගෙන ගන්නව. සිරිකොතේ බුදු පිලිමෙට වැදිච්ච ගල ගැන රනිල් කිඹුල් කඳුලු හෙලන්නෙ බෞද්ධයගෙ හැඟීම් කතා කරල ඡන්ද ටිකක් හොයා ගන්න.
සිරසත් තමන්ගෙ සජිත් ප්‍රොපගැන්ඩාවට ඔය උපක්‍රමය හොඳට පාවිච්චි කරනව. අහවල් නායකයට පූජ්‍ය පක්ශය කැමති නැතැය් කියල සිරස විශේශ ප්‍රවෘත්ති දානව. ඕකට කෙන්ති ගන්න රනිල් ජනමාධ්‍යයට නීති ගේන්න හදනව.සිරස තමන්ගෙ ප්‍රොපගැන්ඩාවට "නිදහස් මාධ්‍ය භාවිතය" ලේබලේ ගහගෙන වෙනත් දේශපාලන පොරවල් ලව්ව රනිල්ගෙ නීති වලට"බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන" ලේබලේ ගහනව.
ඒ ලේබලේ වැදෙන ඕනෙම දෙයක් මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙන බව සිරස දන්නව. සිරස දේශපාලකයොන්ව කටුස්සන්ට, කොටලුවන්ට, සෝරෝට අන්දනව, අඬන අලින්ගෙ කාටූන් දාල බයිට් කරන්න හදනව. ඔය අද අපේ රටේ ජනමාධ්‍ය පත්වෙලා තියෙන තත්වය.
අපේ ටෙලිනාට්‍ය කලාවෙ ඉන්දන් ප්‍රවෘත්ති වෙනකන්ම ප්‍රමිතිය බාල වෙලා. රූපවාහිනිය, දේශපාලකය, මහාචාර්යවරු මිනිස්සුන්ගෙ බහු භූත වලට අනුව හැඩ ගැහිල. ඒ බහු භූත පාවිච්චි කරේ නැත්තන් තමන්ගෙ සාක්කු පිරෙන්නෙ නැති බව මේ හැමෝම දන්නව. රූපවාහිනියෙ ඉන්දන් ප්‍රේකශකය දක්වා හැම එකාටම යක්කු ගහල.
Friday, January 13, 2012
වෙජිටේරියන් අන්තවාදියෝ
අපේ රටේ ගොඩක් මතවාද පතුරවන්න හදන්නෙ බුද්ධියට කතා කිරීමෙන් නෙමෙය්, යුධමය විදියට. විරුද්ධ මත දරන මිනිස්සුන්ට තර්ජනය කරමින්, කුනුහර්පෙන් බනිමින්, බලහත්කාරකම් කරමින්. අපේ රටේ ඔය විදියට ගෙනියන්න හදන තවත් මතයක් තමය් නිර්මාංශිකත්වය.
"මස් කෑම වැරදිය්, ඒ නිසා නිර්මාංශී වන්න"
අපේ රටේ මධ්‍යම පන්තියේ අයගේ මතවාද කුට්ටි පිටින් අන්තර්ජාලයට එද්දි රටේ බුද්ධිමත් යැය් සම්මත අය රූපවාහිනියට ඇවිත් අතේ කොල ටිකක් තියාගෙන බැරෑරුම් විදියට ඒ ටිකම කියනව. මිනිස්සුත් කට ඇරන් බලන් ඉන්නව.
අද නිර්මාංශිකත්වය කියන මාතෘකාවට වෙලා තියෙන්නෙ ඔය දේමය්. තමුන්ගෙ පාඩුවෙ නිර්මාංශික ආහාර ගන්න මිනිස්සු ලංකාවෙ ඕන තරම් ඉන්නව. තව පිරිසක් හැමතිස්සෙම අනුන්ට වද දිදී නිර්මාංශිකත්වය ගැන දේශනා පවත්වන්න යනව.
එක කඳවුරක් අන්තර්ජාලයේ සත්තු මරන දර්ශන ඡායාරූප දාල, මස් කන මිනිස්සුන්ට 'කාලකන්නි' නැත්තන් 'පව්කාරය' ලේබලේ ගහල, කුනුහර්පෙන් බැනල මිනිස්සුන්ව නිර්මාංශික කරන්න හදනව.
බොහෝ වෙලාවට ඔහොම කරන්නෙ මිනිස්සුන්ව නිර්මාංශ කිරීමේ අරමුනටත් වඩා, මස් නොකන නිසා තමන් සුදනෙක් කියල ලෝකෙට කෑගහල කියල පොඩි මානසික වින්දනයක් ලබන්න.
අනික් කඳවුරේ අයත් කුනුහර්පෙන් ප්‍රතිචාර දක්වමින් මස් කන එක හොඳය් කියන්න හදනව. ඒ අතරෙ එක එක්කෙනාගෙ ආගම් වලට, ආගමික නායකයන්ට බැන ගන්නව. කිසිම හරයක් නැතුව කතාව ඉවර වෙනව. මම පැත්තකට වෙලා කඳවුරු දෙක දිහාම හිනා වෙමින් හැබැය් අප්පිරියාවෙන් බලන් ඉන්නව.
ඔය අපේ රටේ අන්තර්ජාලයෙ නිර්මාංශිකත්වය ගැන සංවාද කියන වචනයටත් අපහස කරමින් සංවාද කරන හැටි. රූපවාහිනියෙ කෙරෙන්නෙත් නමට විතරක් සංවාද. TNL රූපවාහිනයෙ කාලෙන් කාලෙට නිර්මාංශිකත්වය ගැන වැඩසටහන් කරනව. හැබැය් ලංකාවෙ බහුතරයක් වැඩසටහන් වල වගේ එතනත් කරන්නෙ එක මතයක් දරන පිරිස් ටිකක් ගෙනල්ල ඒ මතය ප්‍රමෝට් කර ගන්න හදන එක මිසක් විරුද්ධ මත වලටත් තැන දීල සංවාදයක් ඇති කරන්න හදන එක නෙමෙය්.
විවිධ ආගම් නියෝජනය කරන පූජකයන් සහ
නිර්මාංශික වෛද්‍යවරු ගෙනල්ල විරුද්ධ මත නොමැතිව කරන මේ වැඩසටහන් වලින්
කෙරෙන්නෙ ප්‍රේක්ශකයන්ගෙ මොල හේදීමක් පමනය්. ඒ වගේම PETA
වගේ සංවිධාන තමන්ගේ ප්‍රොපගැන්ඩාවට යොදාගන්නා සත්ව ගාතන වීඩියෝ පට පෙන්නල
කරන්න හදන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් වලට කතා කිරීමක් මිස බුද්ධියට කතා
කිරීමක් නෙමෙය්.වෙන රටවල් වල නිර්මාංශිකත්වය ගැන, සත්ව නිශ්පාදන වලින් වැලකී සිටීම ගැන කතා බහක් ඇති වෙද්දි අපේ රටේ වෙන්නෙ තනි මතයක් රජ කරවන්නට හැදීම. විදේශිකයො තමන්ගෙ නිර්මාංශිකත්වයට ආගම ඈඳගන්නෙ නැහැ. නමුත් අපේ රටේ මේ දෙක එකිනෙකට බැඳිල තියෙන්නෙ.
යම් පුද්ගලයෙක් තමන්ගෙ ආගමික ඉගැන්වීම් නිසා නිර්මාංශ වුනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ ඔබේ ආගමික විශ්වාසයක් නිසා තව කෙනෙක්ව නිර්මාංශික කරවන්න හදනවනම් ඒක අසාර්ථකය්. මොකද ආගමික ඉගැන්වීම් කියන්නෙ විශ්වාස ගොන්නක් පමනක් නිසා. යම් කිසි පුද්ගලයෙක් ඔබේ ආගමික ඉගැන්වීම් විශ්වාස කරන්නෙ නැත්නම් එතනදි ඔබේ තර්ක සියල්ල බිඳ වැටෙනව.
අපේ රටේ ආගමික විශ්වාස නිසා නිර්මාංශ වුනු විශාල ප්‍රමානයක් ඉන්නව. සමහරු ගව ගාතනය නවත්වන්න රජයට බල කරනව, සමහරු මස් පරිභෝජනය තහනම් කරවන්න හදනව. එය තනිකර ආගමික බලහත්කාරකමක්. තමන්ගෙ ආගමික විශ්වාස අනුන්ට බලෙන් පැටවීමක්. ආගමික නොවන හේතුවකට උනත් මිනිස්සුන්ගෙ ආහාර පරිභෝජනයට වැට බැඳීම සාධාරන නැහැ. හරකුන්ට නිදහස දීමට මිනිස්සුන්ගේ නිදහස නැති කරන්නට හැදීම විහිලුවක්. නිර්මාංශ වීම හෝ නොවීම තීරනය කිරීමට පුද්ගලයෙක්ට අය්තියක් තිබිය යුතුය්.
තවත් පිරිසක් ඉන්නව සදාචාරාත්මක හේතු මත මස් නොකන. තවත් ජීවියෙකු තමන්ගේ ආහාරය වෙනුවෙන් පාවිච්චි කිරීම ඔවුන්ට අනුව සදාචාරයට පටහැනිය්. තමන් ඒ විශ්වාසය කරපින්නා ගෙන හිටියට කමක් නැහැ. නමුත් අනුන්ට ඒ විශ්වාසය ඔබන්න එනකොට ඔවුන් අමතක කරන කාරනය තමය් සදාචාරය කියන්නෙ මිනිස්සු විසින්ම හදාගත්ත, පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වන නීති ටිකක් කියන එක.
Morality, එහෙමත් නැති නම් සදාචාරය, සරලව කිව්වොත් 'හරි' සහ 'වැරැදි' කියල අපි විශ්වාස කරන දේඇති වුනේ කොහොමද කියල විවිධ පුද්ගලයො විවිධ මත ඉදිරිපත් කරනව. පරිනාමනය සමඟ බැඳුනු Selfish Gene න්‍යායට අනුව සත්ව කොට්ඨාශයන් ආත්මාර්ථකාමීව තම පැවැත්ම තහවුරු කර ගන්න උත්සහ කරනව. ආදරය, කරුනාව, වගේ හැඟීම් අපිට මිනිස්සු හැටියට අපේ පැවැත්ම තහවුරු කරගන්න උදව් වෙනව. මිනිස්සු එකිනෙකාට ආදරය නොකලානම් අපි එකිනෙකාව මරාගෙන වඳ වෙලා යන්න පුලුවන්. අම්ම කෙනෙක් ලමයින්ට ආදරේ නොකරනවනම් ඔවුන් අනතුරට ලක් වෙන්න පුලුවන්. ඒක මනුස්සයන් හැටියට අපේ වර්ගයා ඉදිරියට පවත්වගෙන යාමට වෙන බාධාවක්. මේ නිසා හැඟීම් නිර්මානය කරල පරිසරය අපේ වර්ගය ආරක්ශා කර ගැනීමට අපිව පොලඹවනව.
ඔය විදියට මානවයො ඔවුන්ගෙ පැවැත්මට උදව් වෙන දේ අපි 'හරි' දේ කියලත්, පැවැත්මට බාධා කරන දේ 'වැරදි' කියලත් සම්මත කරගත්ත.
නමුත් වර්තමානයට එද්දි සදාචාරය කියන සංකල්පය තවත් සංකීර්න වෙනව. අපි හරි වැරැද්ද තනිවම තීරනය කරනවට වඩා ආගම, දේශපාලනය, සංස්කරෘතිය, නීතිය වැනි රාමු වලට උවමනා විදියට තීරනය කරන්න පටන් අරන්. නමුත්, මිනි මැරීම වැරදිය්, හොරකන් කිරීම වැරදිය් කියන විශ්වාස කිහිපයක් හැරුනම අනිත් සියලු සදාචාරාත්මක නීති පුද්ගලයගෙන් පුද්ගලයට, රටින් රටට වෙනස් වෙනව. එක රටක ප්‍රසිද්ධියේ සිප ගැනීම වැරැද්දක් හැටියට දකිනව, තව රටක ඒක සාමාන්‍ය දෙයක්. එක රටක පූසො සුරතලයට ඇති කරන කොට තවත් රටක පූසො නතර වෙන්නෙ කෑම පිඟානෙ.
සතෙක්ගෙ මල කුනක් දකින කොට වඩා මැරුනු මිනිහෙක් දකින කොට අපිට වැඩියෙන් හැඟීම් ඇති වෙන්නෙ අපේ හිත් ඇතුලෙ අපේ වර්ගයාට තියෙන බැඳීම වැඩි නිසා. මැරෙන්න යන සතෙක් හෝ මනුස්සයෙක් බේර ගන්න එක අවස්ථාවක් හම්බුනොත් අපි බේර ගන්නෙ මනුස්සයව. ඒ බැඳීම නිසා අපි එක එකාව මරන් කෑවෙ නැති උනාට අනිත් ජීවීන්ව මරන් කනව, මරන් කන්න සිද්ධ වෙලා තියෙනව.
හරක්ට, කුකුලොන්ට විතරක් නෙමෙය් ගස් වැල් වලට පවා පන තියෙනව. නමුත් අපි ගස් වැල් පරිභෝජනය කරන එක වැරැද්දක් විදියට දකින්නෙ නැත්තෙ ගස් වැල් කෑගහන්නෙ නැති නිසා, මරන කොට දුවන්න හදන්නෙ නැති නිසා. නිර්මාංශිකයකුට උනත් අන්තිමේදි මූන දෙන්න වෙන යථාර්තය ඕකය්, ජීවිතයක් හැදෙන්නෙ තව ජීවිතයක් නසල. හරි වැරැද්ද කියන දේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන නිසා තමන් වැරදිය් කියල හිතන දේ කරන මිනිස්සුන්ට 'කාලකන්නි' ලේබලේ ගහන එක සාධාරන නැහැ, විශේශයෙන්ම ඒ පුද්ගලය කරන ක්‍රියාවෙන් මනුස්ස සමාජයට අවැඩක් නැත්තන්.
සමහරු ඔය වෙලාවට අහනව එතකොට මිනිස්සු මරන එකත් සාපේක්ශ විශ්වාසයක් කියල අපි නිකන් ඉන්න ඕනද කියල. නැහැ, මොකද මිනිස්සු මරන පුද්ගලයෙක්ගෙන් ඔබට හානියක් වෙන්න පුලුවන්. අපි මිනිස්සු එකනෙකා මරාගන්න සමාජයක හිටියනම් ඒ සමාජය කඩන් වැටෙනව. අපිට කොය් වෙලාවෙත් මර බියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනව. නමුත් සත්තුන්ව ආහාරයට ගන්න පුද්ගලයෙක්ගෙන් ඔබටවත් වෙන කාටවත් කරදරයක් නැහැ. ඒ නිසා මස් කෑව කියල මිනිහෙක් නරක පුද්ගලයෙක් වෙන්නෙවත්, මස් නොකෑව කියල මිනිහෙක් සුදනෙක් වෙන්නෙවත් නැහැ.
සදාචාරාත්මක හේතු ගැන වද නොවී සෞඛ්‍යමය හේතු සහ පාරිසරික හේතු වලට පමනක් නිර්මාංශික වෙන පුද්ගලයො පිරිසකුත් ඉන්නව. නමුත් ඔවුන්ගෙනුත් නිර්මාංශිකත්වය පැතිරවීම තම අරමුනු කරගත්ත පිරිස් ඉන්නව වගේම ඔවුන් උවමනාවෙන්ම නිර්මාංශ වීමේ අහිතකර සෞඛ්‍ය බලපෑම් අමතක කරල හිතකර බලපෑම් ගැන පමනක් කතා කරනව. නිර්මාංශ වීම නිසා ඇතිවිය හැකි B12 ඌනතාවය වගේ කරුනු මග හරිනව. අනවශ්‍ය ලෙස මස් පරිභෝජනයෙන් රෝගා බාධ ඇති වෙන්න පුලුවන් වගේම තනිකර මස් ප්‍රතික්ශේප කිරීමෙන් සමහරකට පෝශන ඌනතා තත්ව ඇති වෙන්න පුලුවන් බව ඔවුන් සඳහන් කරන්නෙ නැහැ. මේ නිසා විය යුත්තෙ කරුනු හැකි තරම් සමබර කොට ඉදිරිපත් කිරීමය්.
ඒ වගේම ජීවිතය පවත්වාගෙන යන්න එලවලු හොඳටම ඇති නිසා නිර්මාංශ වෙන්න කියල කියන ඈයො තවත් දෙයක් අමතක කරනව. මිනිස්සු කරන දේවල් වලින් බහුතරයක් ජීවිතය පවත්වගෙන යාමට අවශ්‍ය දේ නෙමෙය්. අන්තර්ජාලය භාවිතය, පොත් කියවීම, රූපවාහිනී නැරඹීමේ ඉන්දන් උදේට මූන හේදීම දක්වා අපිට ජීවිතය පවත්වා ගෙන යන්න අවශ්‍ය දේ නෙමෙය්. එහෙනම් කැලේකට වැදිල, දවසකට වතුර උගුරක් බීල, ඇට වර්ග ටිකක් කාල ජීවිත් වෙන එකය් තියෙන්නෙ. නමුත් මිනිස්සු කැමති සතුටින් ජීවත් වෙන්න, ඒ සතුටෙන් තවත් මනුස්සයෙක්ට කරදරයක් නැත්නම් ඔවුන්ට එයට ඉඩ තිබිය යුතුය්. ඒ නිසා මිනිස්සුන්ට මස් වලට තියෙන කැමැත්ත යටපත් කරගැනීමට බල කිරීමට එය සාධාරන නැහැ.
විය යුත්තෙ නිර්මාංශිකත්වය ගැන සාධාරන සංවාදයක් ඇති කිරීම මිසක් නිර්මාංශිකයන් පොරවල් විදියට පෙනී සිටින්න උත්සහ කිරීම නෙමෙය්. මොකද ඒක මහ පොර වැඩක් නෙමෙය්. ඕනම පාදඩයෙක්ට මස් නොකා ඉන්න පුලුවන්. හිට්ලරුත් නිර්මාංශිකයෙක් කියල සමහර මූලාශ්‍ර වල සඳහන් වෙනව. ඒ නිසා අනුන්ගෙ පිඟාන දිහා බලල චරිත සහතික දෙන්න හදන්න එපා.
ඔබ කැමති නම් මස් නොකා ඉන්න, නැත්නම් ඒ ගැන බුද්ධිමත් සංවාදයක යෙදෙන්න, නමුත් ඔබේ මත බලෙන් අනුන්ගෙ කරේ පටවන්න යන්න එපා. ඒ වගේම මස් කන අයත් නිර්මාංශිකයන්ගේ තීරනයට ගරු කරන්න, ඔවුන්ව අමුතු පුද්ගලයො හැටියට හංවඩු ගහන්න එපා. ඒ වගේම ඔබ මස් කන්න අකමැතිනම් එය පෞද්ගලික තීරනයක් කරගන්න. එය රටේ නීතියක් වෙන්න ඕන කියල හිතන ඔබ කරන්න හදන්නෙ මිනිස්සුන්ගෙ කටවල් වලට දම්වැල් දාල, සත්තු දම්වැල් වලින් නිදහස් කරන්න.
මට මස් කෑම දිරිමත් කරන්න කිසිම උවමනාවක් නැහැ, නිර්මාංශිකත්වය දිරිමත් කිරීමට රුදාවකුත් නැහැ. මම දිරිමත් කරන්නෙ එකම එක දෙයය්. "කන්න, අනුන්ට කන්න ඉඩ දෙන්න".
Wednesday, December 28, 2011
ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්
"ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්", ලංකාවෙ ආගමික පූජකයකු කියනව මට ඇහුන. ඔහුගෙ දේශනාවෙ බොහොමයක් තිබුනෙ ඇඳුම් පැලඳුම් කොන්ඩ විලාසිතා ගැන විවේචන. දැන් කාලෙ ගෑනු ලමය් ඇඟ පේන්න අඳිනව. ඒ නිසා ස්ත්‍රී දූශන වලට වරදකාරයො පිරිමි නෙමෙය්, පිරිමින්ව අවුස්සන ගෑනුමය්. ඔව්, ඒ ඔහු කියන්න උත්සහ කරපු දේ.
කැනඩ වලත් මාස ගානකට කලින් පොලිස් නිලධාරියෙක් ඔය කතාවම කිව්ව. ප්‍රතිපලය උනේ දහස් ගනන් කාන්තාවො SlutWalk කියන නමින් විරෝධතාවයක් පැවැත්වීම. අපේ රටේ විරෝධතා ඇති නොවුනට ඔය කතාව අපිට අපේ රටේ බුද්ධිමත් යැය් සම්මත පුද්ගලයන්ගෙන්, විවිධ ආගම් නියෝජනය කරන පූජකයන්ගෙන් හැමදාම ඇහෙනව.
ඔය උඩ තියෙන්නෙ ලෙසතෝ කියන රටේ සාමාන්‍ය කාන්තාවන්ගෙ ඡායාරූපයක්. 2008 ස්ත්‍රී දූශන පිලිබඳ දත්ත වාර්තා වල අංක එකේ ජයග්‍රහකය උනේ ලෙසතෝ. කෝ කොට ගවුම්, ඇඟ පේන්න අඳින ඇඳුම්? එහෙම ඇඳුම් මිලදී ගන්නවත් ඔවුන්ට වත්කමක් නැහැ. ආර්ථික වශයෙන් වගේම සාමාජීය වශයෙනුත් ඔවුන් ඉන්නෙ පිටිපස්සෙ. අපේ ගොඩක් උගත්තු ස්ත්‍රී දූශනය ගැන ඉදිරිපත් කරන න්‍යාය හැටියට එහෙනම් මේ රටේ ස්ත්‍රී දූශන ගොඩක් අඩු වෙන්න ඕනෙ.
ගෑනු කොටට වල් විදියට ඇන්දන් ගියාම උන්ගෙ සෙක්සි පෙනුම නිසා අහින්සක කොල්ලො ඇවිස්සෙනව. ඉතින් ඒ අසරන හා පැටව් වගේ කොල්ලො ගිහින් අර අධම වලත්ත ගෑනුන්ව දූශනය කරල ආසාව පිරිමහ ගන්නව, උන් ඒකට සුදුසුය්, හොඳ වැඩේ වල් ගෑනුන්ට. ඕකය් දූශනය ගැන අවාසනාවට අද අපේ රටේ සමාජගත වෙලා තියෙන මතය.
ස්ත්‍රී දූශනයක් කියන්නෙ කිසිම විදියකින් ලිංගික ආසාව අරමුන කරගත්තු ක්‍රියාවක් නෙමෙය්. බලය, වෛරය අරමුනු කරගත්තු ක්‍රියාවක්. ලමා කාලෙ අමිහිරි අත්දැකීම්, තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ තියෙන බල රහිත බව, තමන් මුහුන දුන් අත්දැකීම් නිසා කාන්තා සංහතියට දක්වන වෛරය ස්ත්‍රී දූශනයට පොලඹවන බව පර්යේශන වලින් හොයාගෙන තියෙනව. ලිංගික ආසාව ඕකෙ කොටසක් විතරය්. ඒ වගේම දූශකය තමන්ගෙ ගොදුර හැටියට යොදා ගන්නෙ පෙරලා සටන් කිරීමේ හැකියාවක් නැති අය, එහෙමත් නැත්නම් අතීතයෙ තමන්ට කාන්තාවක් ගැන අසුන්දර මතකයක් තියෙනවනම් ඒ කාන්තාවගෙ පෙනුමට සමාන අයව.
ලිංගික ආසාව සංසිඳවා ගැනීම ස්ත්‍රී දූශනයේ අරමුනනම් තමන්ගෙ ජීවිතයෙ ඒ අවස්ථාව හම්බවෙන මිනිස්සු ස්ත්‍රී දූශන වලට නොපෙලඹවී ඉන්න ඕනෙ. නමුත් ස්ත්‍රී දූශකයො අතරෙ විවාහක, එහෙමත් නැතිනම් පෙම්වතියො ඉන්න මිනිස්සු බහුලය්. ඇඟ පෙනෙන ඇඳුම් ඕවට පොලඹවනවනම් එහෙනන් හැම පිරිමියම ස්ත්‍රී දූශකයො වෙන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැහැ. හැම පිරිමියම, ලංකාවෙ පිරිමි පවා රහසින් කැමතිය් ගෑනු ඇඟ පේන්න අඳිනවට, පාර තොටේදි හොරෙන් බලන්න. ඒ උනාට ඒ හැමෝම ස්ත්‍රී දූශකයො වෙන්නෙ නැහැ.
ගෑනු ඔහොම අඳින්නෙ පිරිමින්ට පේන්න, කට්ටියක් කියනව. ඔව් හරි, එතකොට පිරිමි ලස්සනට ඇඳල යන්නෙ පිරිමින්ට පේන්නද, නැත්තන් පාරෙ යන බල්ලොන්ට පේන්නද. පිරිමි ගෑනු දෙපාර්ශවයම කැමතිය් විරුද්ධ ලිංගිකයන්ගෙ ආකර්ශනය හම්බෙනවනම්. හැබැය් ඒකෙ තේරුම ඔවුන් හොයන්නෙ තමන්ව දූශනය කරන්න පිරිමියෙක් කියන එක නෙමෙය්. ඔවුන් හොයන්නෙ නිකන්ම නිකන් ආකර්ශනය, නැතිනම් සම්බන්ධතාවයක්. මේ මිනිස්සු කියන විදියට කොටට ඇඳල යන ලස්සන තරුනියක් දැකල ආසාවක් ඇති උනත්, ඒකට විසඳුම ඇයව දූශනය කිරීමද, ඇය් ඒ මනුස්සයට බැරි ඔය තරුනියත් එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්න, දූශනය වෙනුවට ආදරේ කරන්න.
ඒත් මේ මිත්‍යාව වසර ගානක් තිස්සෙ පැවතගෙන ආව. තාමත් පවතිනව. දූශකයාගේ මානසික අසහනයට වරද්ද නොපටවා වද වේදනා වලට ලක් වුනු කාන්තාවට වැරැද්ද පැටවීම කොච්චර අසාධාරන කාලකන්නි වැඩක්ද. සමාජය පාලනය කිරීමේ වැඩි වගකීම කාන්තාවට පැටවීම කොතරම් අසාධාරනද. ඇඟ පේන්න අඳින ගෑනු දූශනයට සුදුසු වේ කියල මේ සමාජ ගත කරල තියෙන මතය කොච්චර හානිකරද.
ඒ ආගමික පූජකය ඔය කතාව කිව්වෙ ලංකාවෙ පාසලක දහස් ගානක් හැදෙන වයසෙ ඉන්න පිරිමි දරුවො ඉස්සරහ. කොල්ලනේ උඹලගෙ වැරැද්දක් නැහැ, ගෑනු ඇඟ පේන්න අඳින එක තමය් වැරැද්ද, ඒක නිසා ඇඟ පේන්න ඇඳන් ඉන්න ගෑනියෙක් දැක්කොත් දූශනය කරපල්ලා, මොකද උඹලට නිදහසට කාරනයක් තියෙනව, කියන මතය නෙමෙය් ද ඔය ප්‍රකාශයෙන් ලමයින්ගෙ ඔලුවලට යන්න ඇත්තෙ. ඒ පොඩි උන් ලොකු මිනිස්සු වෙන්නෙ ඇඟ පේන්න අඳින ගෑනු දූශනය වෙන්න සුදුසුය් කියල හිතා තියාගෙන. උන් ස්ත්‍රී දූශකයො වුනාම ජංගම දුරකථනයට බනීවි, අන්තරජාලයට බනීවි, හැබැය් මේ වගේ ගොන් ප්‍රකාශ වලට කවුරුත් බනින එකක් නැහැ.
Friday, December 16, 2011
තොපිට එරෙහිව අපි
යුද්දෙ ගජරාමෙට නැගල යන දවස් වල රූපවාහිනී නාලිකා වල යුද්දෙටම විතරක් වෙනම විශේෂාංග හදල තිබ්බ. අපේ අයත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ ආතල් එකේ ඕව බලන් හිටිය. හැමෝගෙම ආතල් බිඳුනෙ යුද්දෙ ඉවර උනාම. කට්ටියගෙ හතුර මැරිල ගියා. කිරිබත් කෑව, පාර පුරා දිව්ව. හැබැය් චිත්‍රපටියත් ඒත් එක්කම ඉවර උනා.
අපේ රටේ අයට හතුරෙක් නැති උනාම හරි පාලුය්. අපේ බහුතරයකට දාර්ශනික අරගල නැහැ, තියෙන්නෙ ජීවන අරගලයක් විතරය්. නැත්තන් අල්ලපු ගෙදරත් එක්ක අරගලේ විතරය්. රස්සාවය්, ගෙදරය්, නැත්නම් ඉස්කෝලෙය්,ගෙදරය්. එතනින් එහාට ජීවිතයක් නැහැ. රූටත් පාරට බැහැල විනෝද වෙන සුද්දට සංකර ලේබලේ ගහල අපි ටීවී ඉස්සරහට වෙලා කටවල් ඇරන් මෙගා නාට්ටි බලන් ඉන්නව. ඉතින් මේ කාලකන්නි ජීවිත වලට අරමුනක් හම්බෙන්නෙ දැවැන්ත හතුරෙක් මතු වුනොත් විතරය්, එහෙම නැත්තන් අපිට කම්මැලිය්.
ශත වර්ශ ගනනාවක් සුද්දොන්ගෙන් බැට කාපු මිනිස්සුන්ට ඉබේම ඔය අරමුන හම්බවුනා. සුද්ද ගියාම නැති වුනු අරමුන හදන්න අනගාරික ධර්මපාල වගේ අය ඉදිරිපත් වුනා, නැගිටියව් අන්න අන්ජාතිකාරයො උඹලට වැඩේ දෙන්න හදන්නෙ කියල හතුරෙක් නිර්මානය කරල දුන්න. ඊට පස්සෙ දශක තුනක් පුරාවට යුද්දෙ අපිට ඒ අරමුන හොයල දුන්න. දැන් ඒකත් නැහැ. ඒක නිසා කට්ටියක් අනිත් ජාති ආගම් වල අයව බලෙන් හතුරො කර ගෙන පහර දෙනව, මෙහෙන් පත්තරකාරයො සමලිංගික භීතිකාවක් පතුරල ඒ අවශ්‍යතාව සපුරල දෙනව. තවත් සමහරු අපේ චින්තනේ තහවුරු වෙන විදියෙ, ඉතිහාසෙ ගැන යුද්දෙ ගැන චිත්‍රපටි හදල අපිට වින්දනයක් දෙන්න හදනව.
යුද්දෙ ගැන කරන බහුතරයක් චිත්‍රපටි වලට ආවේනික ලක්ශනයක් තමය් එක පැත්තක සොල්දාදුවන් අහිංසක මානුශීය වීරයො විදියට නිරූපනය කිරීමත්, අනික් පැත්තේ සොල්දාදුවන් නපුරු මිනීමරුවො විදිහට නිරූපනය කිරීමත්. කොච්චර හොඳ චිත්‍රපටියක ලක්ශන තිබුනත් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ Saving Private Ryan පවා ඔය පක්ශපාතීකමෙන් පෙලෙනව. ඇමෙරිකානුවො වීරයො කරන ස්පීල්බර්ග් ජර්මානුවන් කපටි අමුනුස්සයන් බවට පත් කරනව.
ලංකාවෙ චිත්‍රපටිවලට එනවිට ඔය තත්වය තවත් අන්ත වෙනව. ගාමනී වගේ චිත්‍රපටි වල කොටි අරමුනක් නැති ඔහේ මරන්නන් වාලෙ මරන යක්කු ටිකක් බවට පත්කරන නිර්මානකාරය උන්ව මරන සොල්දාදුවන්ව වීරයො කරනව. කෙල්ලගෙ තාත්තගෙ හෙංචය්යොන්ට ගහල කෙල්ලව අරන් පැනල ගිහින් වීරය වෙන උන් ගැන තියෙන සිංහල චිත්‍රපටි වලට වඩා ඔය යුද චිත්‍රපටි වල ඇති වෙනසක් නැහැ. ඒ වගේම ගාමනී චිත්‍රපටිය සිංහලයාගේ චිත්‍රපටියක් බවට පත්කරන නිර්මානකාරය සියලු ජාතීන් එකමුතු වෙන්න ඕන බව කියන්න පොඩ්ඩක්වත් උත්සහ ගන්නෙ නැහැ, මොකද එකමුතු වුනු තැන අපේ අයට අරමුනක් නැහැ.
අපේ රටේ මිනිස්සු තනිකර දුවන්නෙ ඔය තොපිට එරෙහිව අපි මානසිකත්වය කියන ඉන්ධනය නිසා. ඒක නැති උනොත් අපි අනාතය්. අපේ කම්මැලි දූපත් ජීවිත වලට නැත්තන් අරමුනක් නැහැ. විද්‍යා විරෝධය, බටහිර විරෝධය, සමලිංගික විරෝධය, මුස්ලිම් දෙමල සිංහල විරෝධය, මේ ඔක්කොම අපේ වටිනා කමක් නැති දූපත් ජීවිත වලට වටිනා කමක් දෙන්න අපි කරන උත්සහයන්. ඉතින් අපේ මිනිස්සු පැය විසිහතරෙම ඉන්නෙ කේනිතියෙන්. කල්ලි ගැහිල එක එකා මරාගන්න බලාගෙන. මිනිහෙක් හැප්පුනාම බස් වලට ගල් ගහන්නෙ ගිනි තියන්නෙ මැරුන මිනිහ වෙනුවෙන් නෙමෙය්, තමන් වෙනුවෙන්, තමන්ගෙ ජීවිතේ ගැන තියෙන කාලකන්නි කේන්තිය මොහොතකට පිට කරගන්න. ඉතින් අපි තවමත් රටක් හැටියට එක තැන පල්වෙන එක පුදුමයක්ද?
ඒකට වගකියන්න ඕන රනිල්වත්, මහින්දවත් වෙනත් දේශපාලකයොවත් නෙමෙය්. ඔවුන් කරන්නෙ අපිට ඔය හතුර හදල දීල අපේ කම්මැලි කම නැති කරල ඡන්දෙ කඩා ගන්න එක විතරය්. ඒ වගේම රූපවාහිනියට එන දේශමාමක පඬියොත් නෙමෙය්. ඔවුන් කියන්නෙ අපි අහන්න කැමති දේවල්. මේ හැමෝම කරන්නෙ තියෙන ප්‍රශ්නය තවත් වැඩි කරන එක උනාට වගකියන්න ඕන අපිමය්. අපේ අරමුනක් නැති ජීවිතමය්. අපේ කම්මැලිකම නැතිවෙනකන් අපි හැමදාම ඔය විදියට පිල් බෙදිල ඇන කොටා ගනීවි
Wednesday, December 7, 2011
අනේ රන්ගිර, දැන් ඔය ඇති
ස්වාධීන රූපවාහිනියෙ ගාම්භීර කථනයක් එක්ක ටෙලි නාට්‍යයක පූර්ව ප්‍රචාරක පටයක් විකාශය උනා. කතාවෙ විශේෂත්වය ගැන වගේම නලු නිලියන්ගෙ ඉදිරිපත් කිරීම ගැන ලොකු පම්පෝරියක්
“ට්‍රේලර් එකේ හැටියට හොඳ ටෙලියක් වගේ”
විකාශය වෙන වේලාවය් දිනයය් මම මතක තියාගත්ත.
එකසිය තිස් අට බස් එක වගේ නවතින්නෙ නැතුව එකක් පිටි පස්සෙන් එකක් එන ගොන් ටෙලි නාට්‍ටි නිසා ලංකාවෙ ටෙලි කලාව මට එපා වෙලා තිබුනෙ. විදේශීය ටෙලි නාට්ටි වලට ආදරේ කරපු මට ඒ වගේම ප්‍රමිතියක් ඇති අපේම නිර්මානයක් දකින්න පුදුම ආසාවක් තිබුන. කොටස් කිහිපයක් උනන්දුවෙන් බලපු මම පුටුවෙන් නැගිටල ගියේ ලංකාවෙ නිර්මානයක් ගැන බලාපොරොත්තු තියා ගත්තු මටම හිනා වෙමින්.
රන්ගිර පාදක වෙලා තියෙන්නෙ සෝමා ජයකොඩිගෙ පොතකින්. සමහර විට පොතේ තියෙන කතාවට සුලු වෙනස් කම් කරල නාට්ටිය හැදුව වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් මම අදහස් දක්වන්නෙ නාට්ටිය ගැන. රන්ගිරේ කතාව කැරකෙන්නෙ උඩරට පවුල් කිහිපයක් වටා. බලවත් කාන්තා දේශපාලන
චරිතයකුය්, විදේශ රටක ඉඳල ලංකාවට ආපු ධනවතෙකුගෙ පුතෙකුය් කතාවෙ ප්‍රධාන තැනක්
ගන්නව. රන්ගිරේ කතා විලාශය මෙගා වල කතා විලාශයට වඩා කිසිම වෙනසක් නැහැ. කතාව එක
අරමුනක්, ලොකු අවසානයක් පැත්තට ඇදිල යන ගතියක් නැහැ. තියෙන්නෙ පවුල් කිහිපයක
එදිනෙදා ජීවිතයෙ වෙන සිදුවීම් කිහිපයක එකතුවක් විතරය්. ලංකාවෙ සම්මාන දිනන ගොඩක්
නාට්ටි අනුගමනය කරන්නෙත් ඔය ක්‍රමයමය්.
සුරාජ් මාප කවදත් කරන අහිංසක, තැන්පත්, කිසිම පෞරුශයක් නැති, කැඳ බීල වගේ
හැසිරෙන තරුනයගෙ චරිතය ඒ විදියටම රන්ගිරෙත් කරනව. වෙනසකට තියෙන්නෙ සුරාජ් මාපගෙ
චරිතය වන මහසෙන් දේශප්‍රේමී(Patriotic) මත දරනව, ඒ වගේම කොය් වෙලාවෙත් ඒ ගැන අනිත් චරිත
වලට බන කියනව. මහසෙන්ගෙ නංගිගෙ චරිතෙත් ඔය විදියමය්, වෙනසකට තියෙන්නෙ කාන්තා
චරිතයක් වීම විතරය්.
රන්ගිර මෙගා නාට්ටියකත් වඩා හිසරදයක් වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. කලාවෙන්
කරන්නෙ අදහස් ප්‍රකාශනයක්, නමුත් පත්තරේ යන ලිපියකට හෝ බ්ලොග් පෝසට් එකකට වඩා කලාව
වෙනස් වෙන්නෙ ඔහේ තමන්ගෙ අදහස් එලියට දානවට වඩා ප්‍රේක්ශකයගෙ හැඟීම් වලට කතා කරන
නිර්මානයකින් ඉබේම ඒ අදහස් ප්‍රේකශකයට තේරුම් යන විදියට ඉදිරිපත් කරන නිසා.
රන්ගිරේ ප්‍රධාන තේමාවක් තමය් දේශප්‍රේමය. කතාවෙ සිදුවීම් වලින්, චරිත වල තීරන
වලින් මේ මතය ප්‍රකාශ වෙන්න ඉඩ හැරීම වෙනුවට රචකය කරල තියෙන්නෙ තමන්ගෙ කතාවෙ චරිත
රූකඩ ටිකක් වගේ තමන්ගෙ මතවාද ප්‍රේක්ශකයගෙ ඔලුවලට බලෙන් ඔබ්බවන්න පාවිච්චි කරන එක.
ඉතින් රන්ගිරේ චරිත හැම කොටසකදිම වෙන්නෙ මහසෙනුය්, නංගිය්, අනිත් චරිතය් දේශප්‍රේමය
ගැන ප්‍රේක්ශකයට බන දේශනා කරන එක.
පන්සලක ඉන්න ආවේගශීලී හාමුදුරු චරිතය
ජාතික වාදය (nationalism) සහ සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැන ප්‍රේක්ශකයට දේශනා කිරීමට පමනක් නිර්මානය
කරපු චරිතයක්, කතාවට කිසිම දායකත්වයක් නැහැ. මේ අතරෙ එහෙන් මෙහෙන් කතාවට වැටෙන විදේශිකයන්ගෙ
චරිත වලින් කෙරෙන්නෙ උඹල ලංකාවට ආදරේ නොකොට සුද්දන්ට ආවැඩුවට සුද්දො ලංකාවට
ආදරෙය් කියන මතය ප්‍රේකශකයට කවන්න.
ඇත්තටම රන්ගිර වලි කාගෙන ප්‍රේකශකයට කවන්න හදන මේ මත මොනාද. දේශප්‍රේමය,
ජාතිකත්වය, තමන්ගෙ දේ අගය කිරීම, සුද්දට පරගැති නොවීම වගේ උදේ හවහ රූපවාහිනියෙන්
රේඩියෝවෙන් මහාචාර්යවරුන්ගෙන් දේශපාලකයන්ගෙන් අසල් වාසීන්ගෙන් ඇහිල ඇහිලම එපා වෙලා
තියෙන දේවල්. අපි ඉන්නෙ මේ දේශප්‍රේමී අතිරික්ත යුගයක. ඉතින් දේශප්‍රේමී මත දරන
තවත් කතාවක් අපිට අවශ්‍යද. කලා නිර්මානයකින් සමාජයෙ අලුත් මතයක් ස්ථාපිත කරන්න
පුලුවන්නම් ඒක තමය් හපන් කම.
රන්ගිරෙන් සම්ප්‍රේශනය කරන්න හදන මත වල කිසිම ගැඹුරක් නැහැ. ඔහේ තමන්ගෙ දේ
අගය කරපල්ල කියල මහසෙනුය් නංගිය් පුන පුනා කිව්වත් ඒ අගය කරන්න තරම් වටින දේවල්
මොනවද කියල කිසිම තැනක පැහැදිලි කරන්නෙ නැහැ, ලංකාවෙ මිනිස්සුන්ට සුද්දගෙ දේ අගය
කරන්න වෙලා තියෙන්නෙ තමන්ට කියල දෙයක් කරගන්න බැරි උනු නිසා කියල පිලිගන්නෙ නැතුව
තියෙන අසූචි ගොඩ උනත් සුවඳය් කිය කිය අගේ කරපල්ල කියල අපිට හැමදාම ඇහෙන කතාව තමය්
රන්ගිල ඇතුලෙ දෝංකාර දෙන්නෙ.
හමුදා සොල්දාදුවො ගැන බොහොම භක්තියෙන් කතා කරන මහසෙන්ගෙ නංගිගෙ චරිතයෙන්
සොල්දාදුවො ගැන ඇත්තක් කියන්න තියෙන අවස්ථාව මග ඇරල කවදත් අපිට ඇහෙන සොල්දාදුවො රටට
තියෙන ආදරේ නිසය් හමුදාවට බැඳෙන්නෙ වගේ සූකිරි කතා වලට ඇයව සීමා කරනව. සමාජ
යථාර්තයක් වන බහුතරයක් සොල්දාදුවො හමුදාවට බැඳෙන්න පොලඹවන ආර්ථික ප්‍රශ්න ගැන,
තමන්ගෙ දුප්පත් අම්මගෙ මල්ලිගෙ කුස පුරවන්නය් සොල්දාදුවො වෙඩි කන්නෙ කියල ප්‍රේක්ශකයට
කියන්න තරම් රචකය නිර්භීත වෙන්නෙ නැහැ.
ලංකාව ලෝකයේ හොඳම රට කියමින් ලංකාව ගැන විවේචන බැහැරලන ජාතිකවාදී මතයක්
දරන ආවේගශීලී හාමුදුරු චරිතයත් කරන්නෙ සමාජයෙ මුල් බැහැගෙන තියෙන මත වලට එරෙහිව
යාම නෙමෙය්, ඒවට පොහොර දාන එක.
“ලංකාවෙ මිනිස්සු හරි ජාතිවාදීය් අපෙ හාමුදුරුවනේ”
“(උපහසාත්මකව සිනහසෙමින්) ජාතියක් උනාම ආවේගශීලී වෙන එක ස්වාභාවිකය් උපාසක නෝනො”
ලංකාවට ඉස්සර ඉන්දන්ම පිලිලයක් වෙලා තිබුනු ජීවිත දහස් ගනනක් අහිමි කරවපු
ජාතිවාදය වැරදිය් නොකිය එය සාධාරනීකරනය කරන්න හදන විදිය ජුගුප්සාජනකය්. රටක කලා නිර්මානත් මිනිස්සුන්ට ජාතිවාදය වැරදිය් නොකියන කල ඒ රටේ අනාගතය ගැන කුමන කතාද. හාමුදුරැවන්ගෙ චරිතයත්, කතාවෙ අනිකුත් දෙබසුත්
තමන්ගෙ සිංහල බෞද්ධ ප්‍රොපගැන්ඩාවට රචකය යොදා ගන්නෙ එක සාධාරන ප්‍රශ්නයක් මතු
කරමින්. එතකොට මේ නාට්ටිය සිංහල බෞද්ධ ජනයාට විතරක් වෙනමම හදපු එකක්ද? මොකද නිර්
ආගමිකයො ඒ වගේම අන්‍යාගමිකයො කීයටවත් කැමති වෙන්නෙ වෙන ආගමික හා සංස්කෘතික මතවාද
නිර්මානයක් හරහා තමන්ට බලෙන් ඔබන්න එනවට.
ඒකෙන් වෙන්නෙ ප්‍රේක්ශකයො නිර්මානයෙන් ඈත් වෙන එක.
විරුද්ධ මත වලට රන්ගිරේ තැනක් නැහැ. යම් දුරකට ලිබරල් මත දරන කාන්තා
දේශපාලන චරිතය සහ මහසෙන්ගෙ පියාගේ චරිතය හිතා මතාම දුර්වල තර්ක කරන්නන් බවට පත්
කරල. ඒ නිසා රචකය ඔබන්න හදන මතවාද වලට දක්ශ ප්‍රතිවිරුද්ද තර්ක ඉදිරිපත් වෙන්නෙ
නැහැ.
රන්ගිරේ සුලු චරිත කිහිපයක් හැරුනු විට අනිත් චරිත හරිම ද්වීමානය්, කිසිම
තාත්වික ගතියක්, ඇත්ත පුද්ගලයෙක්ගෙ තියෙන ගැඹුර නැහැ, චරිත ලක්ශන කිහිපයකට විතරක්
සීමා වෙලා. ගෑනි මලා වගේ කොය් වෙලාවෙත් මූන බෙරි කරගෙන ඉන්න, දේශප්‍රේමය ගැන බන
කියන්න විතරක් කට අරින මහසෙන්ගෙ ඔතෑනි චරිතය ප්‍රේක්ශකයකට නිදිමත ඇති කරනව.
මහසෙන්ගෙ නංගිගෙ චරිතයටත් දේශප්‍රේමී බන කීම හා තාත්තට විරුද්ධව කැරලි ගැහීම ඇරුනම
වෙන චරිත ලක්ශනයක් නැහැ. හාමුදුරුවන්ගෙ චරිතෙත් කිසිම තාත්වික බවක් ඇත්තෙ නැහැ,
තනිකර සිංහල බෞද්ධ කමටය් ජාතිකත්වයටය් ඒ චරිතය කොටු වෙලා. ඇත්තටම මේ චරිත තමන්
විශ්වාස කරන දේ සර්ව සම්පූර්න ඇත්ත හැටියට පිලිගන්න වෙනත් මත දරන මිනිස්සුන්ට වඩා
තමන් උසස් කියල හිතන ඔලු උදුම්මවා ගත් self righteous මිනිස්සු බවට රචකය
විසින් පත් කරල, ඒ හරහා තමන්ගෙ මතවාද පතුරවන්න හදනව. කතාවක් කීමට කිසිම උනන්දුවක්
ඇති බව පේන්නෙ නැහැ.
කලා නිර්මානයකින් අදහසක් ප්‍රකාශ වෙන්න උවමනා උනාට ඕනවට වඩා දේශන
ස්වරෑපයක් ගත්තොත් එතන කලාවක් නැහැ, තියෙන්නෙ කොහෙවත් ඉන්න මනුස්සයෙක්ගෙ අදහස්
ගොනුවක් විතරය්. අනුන්ගෙ අදහස් කියවන්න පොතක් පත්තරයක් බලනව මිස නාට්ටියක් චිත්‍රපටියක්
බලන්නෙ මොන කෙහෙල්මලටද. ඇමෙරිකානු චිත්‍රපටියක් වන Fight Club වගේ නිර්මානත් දේශන
ස්වරූපයක් ගත්තත් එයින් කියවෙන්නෙ ඇමෙරිකානු සමාජයේ ආකල්ප වලට අභියෝග කරන වැදගත්
පනිවිඩයක්. පරිභෝජනවාදයට වහල් උන ඇමෙරිකන්
මිනිස්සුන්ට උඹල මේ කරන්නෙ මෝඩ වැඩක්, ජීවිතේ සතුට රැඳිල තියෙන්නෙ බඩු භාන්ඩ වල
නෙමෙය් කියල කියන්න තරම් ඒ නිර්මානකාරයට කොන්දක් තිබුන.
නමුත් රන්ගිර අපිට හැමදාම ඇහෙන, දේශ ප්‍රේමෙ හොඳය්, ගෝත්‍රවාදෙ හොඳාය්, සුද්දට බැන්නම ඔක්කොම හරි යාය්,
කියන මතවලට තව තවත් පොහොර දානව මිස අභියෝග කිරීමක් කරන්නෙ නැහැ. ඒ මදිවට චරිත ලව්ව
එකම දේ කියවනව, ප්‍රේක්ශකයට එක සැරේ තේරුම් ගන්න බුද්ධියක් නැහැ වගේ. ඉතින් මට
කියන්න තියෙන්නෙ, අනේ රන්ගිර මට හොඳටම තේරුනා, දැන් ඔය ඇති, දැන් බන කිව්ව ඇති,
දැන් පව් නොදී යන්න.
Tuesday, November 22, 2011
ෆේස්බුක් කැඩපත හරහා
අපිට අපි දිහා බලන්න, ඇස් වල තියෙන දුක සතුට, පාලුව දකින්න, අපිට අපිවම මතක් කරල දෙන්න කන්නාඩියකට පුලුවන්. ටික වෙලාවක් බලන් හිටියම තේරෙනව තමන්ගෙ හිතේ තමන් ගැන තියෙන රෑපෙ නෙමෙය් ඇත්ත රෑපෙ කියල. කාලෙන් කලෙට ලංකාවෙ සමාජෙ අවධානය ගන්න මොකක් හරි දෙයක් එනව. දුරකථන ඇමතුම්, කෙටි පනිවිඩ, නවීන ජංගම දුරකථන, ලංකාවෙ මිනිස්සු ඕවට ප්‍රතිචාර දක්වන විදියෙන් අපේ සමාජයෙ නියම ස්වරූපය දකින්න පුලුවන්. ඒ අලුත්ම කැඩපත තමය් 'ෆේස්බුක්'.
ඔය දේවල් මුලින්ම විකුනන්න පටන් ගන්නෙ මාධ්‍යය. සිරස රේඩියෝව ලංකාවෙ මුලින්ම දුරකථන ඇමතුම් වලින් ගීත ඉල්ලීමේ පහසුකම ලබා දෙනව. ඊට හරියට දශකයකට විතර පස්සෙ කෙටි පනිවුඩ, එහෙමත් නැත්නම් sms අපේ සමාජය ආක්‍රමනය කරනව. කැමතිම ගීතය ඉල්ලීමේ ඉන්දන් රියැලිටි ටීවී වැඩසටහන් වල තමන් කැමතිම තරඟ කරුව තෝරනකන් කෙටි පනිවුඩය පාවිච්චි කරන්න ප්‍රේක්ශකයට පුලුවන් වෙනව. මාධ්‍යයෙන් කරදරයක් නැතුව පහසුවෙන් අපිට ඕන දේ ගන්න, නැත්නම් තාක්ශනය පාවිච්චි කරන්න තියෙන ආසාව නිසා අපි ඔය පහසුකම් සලසන නාලිකා වෙත වැඩි අවධානයක් යොමු වෙනව. ඔය හැමදේටම සමාජයේ දැන උගත් යැය් සම්මත අයගෙනුත්, ඔවුන් කියන දේ එහෙමම පිලිගන්න පොඩ්ඩන්ගෙනුය් ලොක්කන්ගෙනුය් ලොකු විරෝධයක් එල්ල වෙනව. සංස්කෘතිය විනාශ වෙනව, තරුන පරපුර නොමග යනව, අධ්‍යාපනය කඩා කප්පල් වෙනව, හැමදාම ඇහෙන දේ.
ඔය හැම දෙයක්ම පහු කරගෙන ඇවිත් අද අපි නතර වෙලා තියෙන්නෙ ෆේස්බුක් වල. අපි ලොග් ඉන් වෙලා වොල් පෝස්ට් එකක් දාල ආපහු ලොග් අවුට් උනාට ඕක පිටිපස්සෙ වෙන්නෙ මාර්ක් සකර්බර්ග්ව ධනවත් කරන ව්‍යාපාරයක්. නමුත් අපිට තියෙන ප්‍රයෝජනෙන් අඩුවක් නැහැ. කෙනෙක්ට ලංවෙන්න දුරකථන අංකයක්වත්, ලිපිනයක්වත් අවශ්‍ය නැහැ, ඕන නම විතරය්. ඒ නිසා කාලයත් එක්ක අපෙන් වෙන්වුනු මිතුරො හොයාගන්න, ඔවුන්ව සම්බන්ධ කරගන්න, නැත්නම් කැමති සින්දුවක් වීඩියෝ එකක් පහසුවෙන් බෙදා ගන්න අපිට පුලුවන් වෙලා තියෙනව. අන්තර්ජාල සබඳතා වල මිල අඩුවීමත් එක්ක අපේ දූපත් වැසියන්ට හරියට ආදී මානවයට ගින්දර හම්බුනා වගේ ෆේස්බුක් හම්බ වෙනව. එදා ඉන්දන් රේඩියෝ නාලිකා වල, රූපවාහිනී නාලිකා වල විතරක් නෙමෙය් මෙගා නාට්ටි වල පවා ෆේස්බුක් පට්ට ගහනව, හරියට ෆේසබුක් ප්‍රමෝට් කරනවට ගාස්තුවක් ලැබෙනව වගේ.
ඒත් එකක්ම ෆේස්බුක් බදා ගෙන ඉන්න පිරිසක් වගේම ෆේස්බුක් විරෝධියො පිරිසකුත් බිහිවෙනව.ෆේස්බුක් නිසා තරුන පරපුර නොමග යනව, අපරාධ වැඩි වෙනව, ඔවුන් කියන දේ. ෆේස්බුක් මේ අපිට පෙන්නන්නෙ අපේ මිනිස්සුන්ගෙ වෙනසට තියෙන බය. අපේ රටේ මිනිස්සු තනියෙන් හිතන්නෙ නැහැ, මේ නිසා ප්‍රසිද්ධියය් මහාචාර්ය පට්ටමකුය් තියෙන ඕනෙම කෙනෙකුට ලෙහෙසියෙන් මිනිස්සුන්ගෙ මොල හෝදන්න පුලුවන්.
දේශපාලකයො ඉස්සර ඉන්දන්ම උපක්‍රමයක් හැටියට කලේ විරුද්ධවාදියගෙ මතයට මිනිස්සුන්ව බය කරන එක. මේ සිස්ටම් එක මෙහෙමම තියෙනකන් විතරය් උඹලට පැවැත්මක් තියෙන්නෙ, ඒක වෙනස් උනොත් උඹලගෙ සංස්කෘතිය, ආගම වලපල්ලට යාවි, රට බෙදේවි, ඔය විදියට මිනිස්සුන්ව භය කරන්න පුලුවන් හැකියාව තියෙන පුද්ගලය සාර්ථක දේශපාලකයෙක්.මේ ක්‍රමයට හුරු වෙලාම අපේ බහුතරයක් ගතානුගතික වාදියො වෙලා, අපිට නුහුරු දෙයක් දැක්කම නයාට අඳුකොල කැවුන වගේ, නයිට් ක්ලබ් එකක් දැක්කම කෑගහනව, අපේ තරුන පරපුර විනාශ වෙනව, රටේ සංස්කෘතිය වලපල්ලට යනව. ජංගම දුරකථනයට බනිනව, ඒක මිනිස්සු වල් වද්දන මහම මහා කුනුහර්ප යන්ත්‍රයක් ලු. ඉස්සර කාලෙ තරුනයොන්ට ලිංගික දර්ශනයක් බලන්න ඕන උනාම පත්තර ගන්න සිද්ධ උනා, නැත්නම් වීඩියෝ කැසට් ගන්න උනා. ඒව හංගන්න අමාරුය්, බෙදා හදාගන්න අමාරුය්, ලේසියෙන් හව් වෙන්න පුලුවන්. නමුත් දැන් ඕක සීඩී එකේ ඉන්දන්, පෙන් ඩ්‍රයිව් එකට, අඟලක්වත් නැති මෙමරි චිප් එකට ඇව්ල්ල. ඒ දවස් වල අමාරුවෙන් පත කැසට් වලින් ඕව බලපු උදවියම වයසට ගිහින් ලොම් හැලුනට පස්ාස, ඒ වැඩේ ලේසියෙන් කරගන්න කොල්ලොන්ට බනිනව. වෙනස් වෙලා තියෙන්නෙ උපකරනය විතරය්, අරමුන වෙනස් වෙලා නෑ. ඒ වගේම ෆේස්බුක් කියන්නෙත් ඉස්සර තිබුනු පෑනෙ මිතුරු ක්‍රමේම වර්තමාන ස්වරූපය, කාලයක් ලියුමෙන් මිනිස්සු ලව් කරා, ඊට පස්සෙ දුරකථන ඇමතුම් වලින්, කෙටි පනිවුඩ වලින්, දැන් ෆේස්බුක් ඒ අවශ්‍යතාවය සපුරල දෙනව.
ෆේස්බුක් කියන්නෙ තමන්ගෙ මිතුරො එක තැනකට එක්කහු කරන්න ඉඩදෙන දෙයක්. නමුත් අපේ රටේ උදවිය කරන්නෙ ඕකෙ අනිත් පැත්ත, මාධ්‍ය උනත් ෆේස්බුක් ප්‍රමෝට් කරන්නෙ මිනිස්සුන්ව අඳුර ගන්න පුලුවන්, කොල්ලොන්ට කෙල්ලො හොයා ගන්න පුලුවන් ඩේටින් සයිට් එකක් විදියට. ඉතින් අපේ කට්ටියට මේක හොන්ද අවස්ථාවක්. අපේ සමාජ ක්‍රමයත් එක්ක පිරිමින්ව ගැහැනුන්ටත්, ගැහැනුන්ට පිරිමින්වත් ලොකු මැජික් එකක් වෙලා තියෙන්නෙ. ඉතින් සදාචාර පොලිසියෙනුත් බේරිලා, තමන්ව ඔඩොක්කුවෙ තියාගෙන බබා කරන දෙමව්පියන්ගෙන් බේරිලා, ඒ වගේම තමන්ම සමාජෙ හදාගෙන ඉන්න ප්‍රතිරූපෙන් බේරිලා තමන්ගෙ ෆැන්ටසිය ජීවත් වෙන්න මේක හොන්ද අවස්ථාවක්.
සමහරු දකින දකින අයව තමන්ගෙ ෆේසබුක් එකට දාගන්නව, සමහරු බොරු ගෑනු ගිනුම් හදාගෙන සෙක්ස් චැට් කරන්න හදනව. මේ ක්‍රමයෙන් පෙන්නන්නෙ අපේ සමාජයේ ගෑනු සහ පිරිමි කොච්චර තනි වෙලාද කියල, කොච්චර ලිංගික අසහනයකින්ද ඉන්නෙ කියල. ඇත්ත ලෝකෙදි තමන්ටම බොරු කරගන්න අය ඒව පැත්තකට දාල සමාජ ජාලා වෙබ් අඩවි වලදි තමන්ගෙ ඇත්ත ස්වරෑපෙට එනව. මෙවැනි බොරු ගිනුම් කුනු හර්ප වලින්, හොරා ගත් ලස්සන තරුනියන්ගෙ ඡායාරූප වලින්, ලිංගික යෝජනා වලින් පිරිල. සදාචාරාත්මක ලංකාවට පිටිපස්සෙන් තියෙන ඇත්ත ලංකාවෙ තත්වය ඕකය්.
ෆේසබුක් වලින් අපේ රට ගැන පෙන්නන තවත් දෙයක් තමය් ඔලුව කැක්කුමට කොට්ට මාරු කිරීමේ අසාර්ථක ක්‍රමවේදය. කාම චිත්‍රපටි නරඹන්න ලමය් යොමු වීමට ගොඩක් අය වැරදි පටවන්නෙ තාක්ශනික උපකරන වලට, ඔවුන් පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ ඒ දේ කරන්න ලමයින්ව පොලඹවන්නෙ මොන වගේ සාධකද කියල. ෆේසබුක් වලින් සිදුවෙන අපරාධ ගැන කතිකාව ඉහල යද්දි කවුරුත් කතා කරන්නෙ නැහැ ඒ අපරාධ කරන මිනිස්සු අපරාධ කරන්න පෙලඹෙන්නෙ ඇය් කියල. ඉතින් අපි හැමදාමත් කරන්නෙ sms එකටය්, ජංගම දුරකථනයටය් බැන බැන ඉන්න එක මිසක් ප්‍රශ්නෙ මුල හොයන එක නෙමෙය්.
ෆේස්බුක් කියන්නෙ අපේ ලෙඩ වෙච්ච සමාජෙ රෝග ලක්ශන පෙන්නුම් කරන තැනක් මිසක් රෝග බෝ කරන තැනක් නෙමෙය්. පිහියකින් කට්ටියක් පාන් කපද්දි තව කට්ටියක් මිනී මරනව, ඒක පාවිච්චි කරන පුද්ගලයගෙ අරමුනේ ප්‍රශ්නයක් මිසක් පිහියෙ ප්‍රශ්නයක් නෙමෙය්. ඒ වගේම පිරිසක් ෆේස්බුක් ඇත්තටම මිතුරො එක්ක සම්බන්ධ වෙන්න යොදා ගනිද්දි පිරිසක් තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න, තමන්ගෙ ජීවන රටාව අනුන්ට පෙන්නල ස්වයං වින්දනයක් ගන්න පාවිච්චි කරනව. පිහියෙන් මිනිහෙක්ව මරන්න ලේසි බව ඇත්ත, නමුත් මිනී මරන අරමුනක් පාවිච්චි කරන පුද්ගලයට නැත්තන් කාටවත් හානියක් නැහැ. ෆේස්බුක් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න ලේසි ක්‍රම හොයල දෙද්ද එයින් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මිනිස්සුන්ටත් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වෙන එක ඇත්ත. නමුත් වැරැද්ද තියෙන්නෙ අරමුනේ මිසක් ෆේස්බුක් අඩවියෙ පහසුකම් වල නෙමෙය්. හැමදාම උපකරන වලට බැන බැන ඒව අවහිර කිරීමෙන් වෙන්නෙ ඒවයින් හොන්ද ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන්ටත් අසාධාරනයක් වෙන එක. නමුත් අපි හැමදාම අනුගමනය කලේ ඔය ක්‍රමවේදයමය්. අපි ලංකාවෙ අබ්බගාත සමාජ ක්‍රමයට වරද පටවන්නෙ තාක්ශනයට මිසක් අපේම ආකල්ප වලට නෙමෙය්. මොකද අපේ කැත ආකල්ප ප්‍රකාශ වෙන්නෙ ඒ වගේ තැන්වලින් නිසා. ඉතින් ෆේසබුක් භාවිතය වගේම ඒ ගැන අපේ සමාජය දක්වන ප්‍රතිචාරය ඇත්තටම අපේ සමාජය ගැන ෆේසබුක් මවන ප්‍රතිබිම්භයක්. නමුත් ලංකාව කියන කැත ගෑනි හැමදාම කලෙත්, ඉස්සරහට කරන්නෙත් තමන්ගෙ කැත මූනට කන්නාඩියට බනින එක.
Sunday, November 20, 2011
ස්වයං වින්දනය, ශ්‍රී ලාංකේය තාරුන්‍යයේ අනන්‍යතාවය
පර්යේශන වලට අනුව දිනකට
පිරිමියෙකු දහතුන් වතාවකුත්, ගැහැනුන් පස් වතාවකුත් ලිංගිකත්වය ගැන හිතනව. නමුත් ලිංගිකත්වය කියන්නෙ නොහොඹිනා දෙයක්, ලිංගික ක්‍රියා වල නිරත වීම මහ පොලව
නුහුලන අපරාධයක්. එයින් වසර 2500 ක් පරන අපගේ සංස්කෘතිය විනාශ වන අතර තරුන ජීවිත
අඳුරු වෙනව. නිරුවත, ලිංගික ක්‍රියා රස විඳීම අපේ සංස්කෘතියට අය්ති නැහැ. මේ දිනපතා
අපිට පාසලෙන්, රූපවාහිනියට එන පඬියන්ගෙන් ඇහෙන දේ. එහෙනම්
ලංකාවෙ ඉන්නෙ අමුතුම මිනිස්සුද, නැත්නම් ඔය ඇතිවෙන ලිංගික හැඟීම් පිට වෙන්නෙ
කොහෙටද?
ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරීම තියා තරුන ජෝඩුවක් අත් අල්ලන් ගියත්
කේන්ති යනව, නිරුවත තියා කොට සායක් දැක්කමත් ඉහ මොල රත් වෙනව. ඔවුන්ට අනුව අත්
පටලවා ගෙන යාමටත්, කොට සායටත් රටක් විනාශ කරන්න පුලුවන් අපූරු බලයක් තියෙනව. ඉතින්
පාලකයන්ටත් මේ අයව සතුටින් තියන්න ක්‍රියා මාර්ග ගන්න වෙලා. කුරුනෑගලදි අත් අල්ලන්
ගිය ජෝඩු දෙසීයක් විතර අත් අඩංගුවට ගන්නව, හෝටල් කාමර වටලනව, ගාල්ල කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්
කරනව. දැන් සියල්ල හොඳින්, රට යහපත් වේවි. නැහැ, තරුනයො කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා,
ගනිකා ව්‍යාපාරය සරුවට සිදුවෙනව, රට නැවතත් අනතුරේ. කාම චිත්‍රපටි අවහිර කරනව, ගනිකා මධ්‍යස්ථාන
වටලනව.
ඒත් තත්වය තවත් නරක අතට හැරෙනව, ග්‍රීස් යක්කු බෝ වෙලා ගෑනුන්ට අතවර කරනව,
මේ අතරෙ පාරට බහින මහ ජනයා ග්‍රීස් යක්කුන්ට ගහල මරනව. සමාජයම අබ්බගාතය්,
නොදියුනු අප්‍රිකානු රටක තත්වයට ලංකාව ඇද වැටෙනව.
මේකට හේතුව මාධ්‍ය වලින් විකුනන නිරුවත, පරිගනකය, ජංගම දුරකථනය, කට්ටියක් කියනව. තව තවත් මේ දේ පාලනය කල යුතුය්, යටපත් කල යුතුය්, ඒ ඔවුන් යෝජනා කරන විසඳුම. හැබැය් බස් වල ජැක් ගැහීමේ චාරිත්‍රයෙ නම් කිසිම අඩුවකුත් නැහැ. මෙහෙන් කට්ටියක් කියනව ලාංකිකයො සදාචාරාත්මක ජාතියක් කියල, එහෙන් කට්ටයක් ග්‍රීස් ගාගෙන ගෑනු දඩයමේ යනව, බස් වල ජැක් ගහනව. මෙහෙන් කට්ටියක් කියනව ලිංගිකත්වය සමාජයෙන් යටපත් කලාම ඔක්කොම හරි යය් කියල, නමුත් යටපත් කරන්න කරන්න තත්වය තවත් තවත් නරක අතට හැරෙනව. මොනවද මේ පරස්පර විරෝධී කතා?
ඒත් තත්වය තවත් නරක අතට හැරෙනව, ග්‍රීස් යක්කු බෝ වෙලා ගෑනුන්ට අතවර කරනව,
මේ අතරෙ පාරට බහින මහ ජනයා ග්‍රීස් යක්කුන්ට ගහල මරනව. සමාජයම අබ්බගාතය්,
නොදියුනු අප්‍රිකානු රටක තත්වයට ලංකාව ඇද වැටෙනව. මේකට හේතුව මාධ්‍ය වලින් විකුනන නිරුවත, පරිගනකය, ජංගම දුරකථනය, කට්ටියක් කියනව. තව තවත් මේ දේ පාලනය කල යුතුය්, යටපත් කල යුතුය්, ඒ ඔවුන් යෝජනා කරන විසඳුම. හැබැය් බස් වල ජැක් ගැහීමේ චාරිත්‍රයෙ නම් කිසිම අඩුවකුත් නැහැ. මෙහෙන් කට්ටියක් කියනව ලාංකිකයො සදාචාරාත්මක ජාතියක් කියල, එහෙන් කට්ටයක් ග්‍රීස් ගාගෙන ගෑනු දඩයමේ යනව, බස් වල ජැක් ගහනව. මෙහෙන් කට්ටියක් කියනව ලිංගිකත්වය සමාජයෙන් යටපත් කලාම ඔක්කොම හරි යය් කියල, නමුත් යටපත් කරන්න කරන්න තත්වය තවත් තවත් නරක අතට හැරෙනව. මොනවද මේ පරස්පර විරෝධී කතා?
මුන් ඔක්කොම පිස්සො, හනමිටි කාරයො, කට්ටියක් කියනව. නමුත් ඔය ප්‍රශ්නෙ මුල් අවුරුදු සිය ගනනක් පරන ඉතිහාසෙට ඇදිල යනව. දහ නමවෙනි සියවසේ එංගලන්තයෙ තිබුනු සංස්කෘතියෙන් කාන්තාව පරිගනක වැඩසටහනක් වගේ විධාන කිහිපයක් පිලිපදින්න පුරුදු කරල තිබුනෙ. බිම ගෑවෙන තරම් දිග ගව්මක් ඇඳගෙන, අහිංසක, නිර්මල, සංවර ගැහැනියගේ චරිතය රඟ පාන්න ඔවුන්ට සිදු වෙලා තිබුන. ලිංගිකත්වය ගැන දැනුමක්, තමන්ගෙ මතයක් දැරීමට අය්තියක් ඔවුන්ට තිබුනෙ නැහැ. කොටින්ම කාන්තාව පන නැති බෝනික්කෙක් බවට පත් කරල තිබුනෙ. ඇඟ ආවරනය වෙන්න ඉහල පන්තියෙ ගෑනු ඇඳුම් අඳිද්දි පහල පන්තියෙ ගෑනු ඇඟ නිරාවරනය කර ගෙන ඉන්න, ලිංගිකත්වය ගැන කිසි වගකීමක් නැති සදාචාරය සෝදා පාලු කරන්නන් කියල හංවඩු ගැහෙනව.
සුද්ද ලංකාවට එන කොට ලංකාවෙ ගෑනු හිටියෙ අඩ නිරුවත්ව, ලිංගිකත්වය උනත් ඔවුන්ට මහ දෙයක් වෙලා තිබුනෙ නැහැ. නමුත් ඉංග්‍රීසීන්ගෙ ආක්‍රමනයෙන් පස්සෙ ඔවුන්ව ලඟින් ආශ්‍රය කරපු රදලයො ඔය සංස්කෘතිය තමන්ගෙ කර ගන්නව. සුද්ද රට දාල යන්නෙ ඔන්න ඔය රදලයො ටික ඉතුරු කරල. ඉහල පන්තියට සම වීමේ මේනියාවකින් පෙලෙන පහල සමාජ ස්ථර වල මිනිස්සු ඔය සංස්කෘතිය වැලඳ ගන්නව. ගැහැනිය සමාජ යහපත උදෙසා තම ශරීරය සම්පූර්නයෙන් ආවරනය කර ගත යුතුය්, ගැහැනියට අධ්‍යාපනය සුදුසු නැත, රැකියා කිරීම සුදුසු නැත වගේ මත අපේ සමාජයෙ මුල් බැහැ ගන්නව. දැන් අපේ ඈයො ඔය ලාංකීය සංස්කෘතිය කියල ඇත්තටම රකින්න හදන්නෙ එංගලන්ත කාරය උනත් විසික් කරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය, එතන අපේ කමක් නැහැ.
සුද්ද ලංකාවට එන කොට ලංකාවෙ ගෑනු හිටියෙ අඩ නිරුවත්ව, ලිංගිකත්වය උනත් ඔවුන්ට මහ දෙයක් වෙලා තිබුනෙ නැහැ. නමුත් ඉංග්‍රීසීන්ගෙ ආක්‍රමනයෙන් පස්සෙ ඔවුන්ව ලඟින් ආශ්‍රය කරපු රදලයො ඔය සංස්කෘතිය තමන්ගෙ කර ගන්නව. සුද්ද රට දාල යන්නෙ ඔන්න ඔය රදලයො ටික ඉතුරු කරල. ඉහල පන්තියට සම වීමේ මේනියාවකින් පෙලෙන පහල සමාජ ස්ථර වල මිනිස්සු ඔය සංස්කෘතිය වැලඳ ගන්නව. ගැහැනිය සමාජ යහපත උදෙසා තම ශරීරය සම්පූර්නයෙන් ආවරනය කර ගත යුතුය්, ගැහැනියට අධ්‍යාපනය සුදුසු නැත, රැකියා කිරීම සුදුසු නැත වගේ මත අපේ සමාජයෙ මුල් බැහැ ගන්නව. දැන් අපේ ඈයො ඔය ලාංකීය සංස්කෘතිය කියල ඇත්තටම රකින්න හදන්නෙ එංගලන්ත කාරය උනත් විසික් කරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය, එතන අපේ කමක් නැහැ.
කාලයත් එක්ක ලංකාවෙ තියෙන ආගමික පසුබිමින් ඔය ක්‍රමයට පොහොර වැටෙනව. ඒ ක්‍රමය තමය් රබර් බෝලය වතුර යට ඔබන් ඉන්නව වගේ ලිංගිකත්වය යටපත් කරන එක. නමුත් අපි අපිටම කොච්චර බොරු කරන්න හැදුවත් අපි හැමෝම ලිංගිකත්වයට, නිරුවතට හරි පෙරේතය්. ඉතින් ඔය අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි උනු තැන බලාපොරොත්තු කඩ වෙනව, මිනිස්සු අසහන කාරයො වෙනව, ප්‍රචන්ඩ වෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ට වෛර කරනව. අරාබිකර රටවල් වල කාන්තාවන්ට ගල් ගහන්න පිරිමි කැමැත්තෙන් ඉදිරි පත් වෙන්නෙ ඔය වෛරය පිරි මහගන්න, තමන්ව ලිංගික අසහනයට පත් කරන ගෑනුන්ට ඔවුන් වෛර කරනව.
ශතවර්ශ ගනනාවකට කලින් හිටපු කතෝලිකයො ලස්සන කාන්තාවන්ට මායාකාරියො යැය් චෝදනා කරල, ඔවුන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කරල වධ දුන්න, වධකයන්ට ලිංගික හැඟීම් ඇති වුනොත් ඒකට චෝදනා කලෙත් කාන්තාවට.
Sexual repression, එහෙමත් නැත්නම් ලිංගික අවරෝධනය තියෙන ඕනෙම රටක මිනිස්සු ප්‍රචන්ඩය්. ඔය ප්‍රචන්ඩත්වය තමය් ලංකාවෙ හැම තැනම දකින්න තියෙන්නෙ, ඔය ප්‍රචන්ඩත්වය තමය් ග්‍රීස් යක්කු සිද්ධියෙදි රබර් බෝලෙ උඩට එනව වගේ මුලු ජන සමාජයම කම්පනය කරමින් මතු උනේ. කාන්තාවන් කෙරෙහි වෛරයද අපේ සමාජයෙ අඩුවක් නැතිව තියෙනව. කොට ඇඳුමක් ඇඳන් ඉන්න තරුනියකගෙ ඡායාරූපයක් අන්තර්ජාලයෙ පලවුනොත් වැටෙන ප්‍රතිචාර බහුතරයක් අමු තිත්ත කුනුහර්ප. සංස්කෘතිය ආගම වගේ වචන තමන්ගෙ දුර්වල පෞරුශය වහගන්න ඔවුන් පාවිච්චි කරනව. තමන්ගෙ ලිංගික ආසාව පාලනය කර ගැනීමේ වගකීම ඔවුන් පවරන්නෙ කාන්තාවට. පිරිමින්ව සදාචාරාත්මක කරවන්න කාන්තාවට තමන්ව කොටු කර ගන්න වෙලා.
ශතවර්ශ ගනනාවකට කලින් හිටපු කතෝලිකයො ලස්සන කාන්තාවන්ට මායාකාරියො යැය් චෝදනා කරල, ඔවුන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කරල වධ දුන්න, වධකයන්ට ලිංගික හැඟීම් ඇති වුනොත් ඒකට චෝදනා කලෙත් කාන්තාවට. Sexual repression, එහෙමත් නැත්නම් ලිංගික අවරෝධනය තියෙන ඕනෙම රටක මිනිස්සු ප්‍රචන්ඩය්. ඔය ප්‍රචන්ඩත්වය තමය් ලංකාවෙ හැම තැනම දකින්න තියෙන්නෙ, ඔය ප්‍රචන්ඩත්වය තමය් ග්‍රීස් යක්කු සිද්ධියෙදි රබර් බෝලෙ උඩට එනව වගේ මුලු ජන සමාජයම කම්පනය කරමින් මතු උනේ. කාන්තාවන් කෙරෙහි වෛරයද අපේ සමාජයෙ අඩුවක් නැතිව තියෙනව. කොට ඇඳුමක් ඇඳන් ඉන්න තරුනියකගෙ ඡායාරූපයක් අන්තර්ජාලයෙ පලවුනොත් වැටෙන ප්‍රතිචාර බහුතරයක් අමු තිත්ත කුනුහර්ප. සංස්කෘතිය ආගම වගේ වචන තමන්ගෙ දුර්වල පෞරුශය වහගන්න ඔවුන් පාවිච්චි කරනව. තමන්ගෙ ලිංගික ආසාව පාලනය කර ගැනීමේ වගකීම ඔවුන් පවරන්නෙ කාන්තාවට. පිරිමින්ව සදාචාරාත්මක කරවන්න කාන්තාවට තමන්ව කොටු කර ගන්න වෙලා.
අපේ රටේ ලිංගිකත්වයට විරුද්ධ අය බොහෝ විට විරුද්ධ වන්නේ තමන්ගේ ආගමික මත නිසා, නැතිනම් තියෙන සමාජ ක්‍රමය අසාර්ථක වුවත් එහෙමම තියෙන්න ඕන කියන ගතානුකතිකවාදියො නිසා.
එහෙමත් නැතිනම් අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්විය යුතු නිසා. තමන්ගේ ආගමික මත අනුන්ට බලෙන් ඔබන්නට යාම සාධාරන නෑ. ඒ වගේම සමාජ ක්‍රමයක් අසාර්ථක නම් එය රැක ගැනීමෙන් පලක් නැහැ. රබර් බෝලෙ වතුර යට ඔබන ක්‍රමේ පැහැදිලිවම අසාර්ථකය්. අපේ රටේ තරුනයො ලිංගික කුහකත්වයෙන් පිරිල, කිසිම ආත්ම අභිමානයක් නැහැ , ඒ වගේම ප්‍රචන්ඩකාරිය්. එමෙන්ම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න විවාහ වෙනකන් ලිංගික කාර්යයන්ගෙන් වැලකිය යුතු යැය් අනුමත කරන බොහෝ වෛද්‍යවරු එහෙම කරන්නෙ පදනමක් ඇතුව නෙමෙය්, තමන්ගෙ පෞද්ගලික මත නිසා. ඒක හරියට සීනි වලින් දිය වැඩියාව හැදෙන්න පුලුවන් නිසා සම්පූර්නයෙන් සීනි පරිභෝජනය නැවැත්විය යුතුය් වගේ කතාවක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලට විසඳුම උපත් පාලන ක්‍රම. නමුත් අවාසනාවට පාසල් වලටත් දෙමව්පියන්ටත් ලිංගිකත්වය කුනුහර්පයක්, ඒ නිසා ලමයින්ට උපත් පාලන ක්‍රම ගැන වගේම ලිංගිකව එක්වීමේදී තමන්ට ඇති වගකීම ගැන අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ. කන්‍යාභාවය පූජනීය දෙයක්ය, එය නැති විය යුත්තේ විවාහය නමැති නීත්‍යානුකූල බැඳීමට එකඟ වීමෙන් පසුව පමනක්ය යන මතය අපේ රටේ බහුතරයක් වෛද්‍යවරු පවා දැරීම අවාසනාවට කාරනයක්. කාම චිත්‍ර පටි, ගනිකා වෘතිය පවතින්නෙ ඒවට ඉල්ලුමක් පවතින නිසා. මිනිස්සු තමන්ගෙ ලිංගික ෆැන්ටසි තෘප්තිමත් කර ගන්න කාම චිත්‍රපටි පාවිච්චි කරනව. තමන්ගෙ ෆැන්ටසිය වෙනුවෙන් අපචාර වල නිරත වීමට වඩා ඒ ක්‍රමය දහස් ගුනයක් හොන්දය්. කාම චිත්‍රපටි තහනම් නැති රටවල් වල ලිංගික අපරාධ අඩු ඒ නිසය්. ගනිකා ව්‍යාපාරය කියන්නෙ සියයට සියයක් හොන්ද, කිසිම නරකක් නැති ක්‍රමයක් නෙමෙය්. හැබැය් මුදලට ලිංගිකත්යව ගන්න බලන් ඉන්න පිරිස් වගේම එය සපයන්න සූදානමින් ඉන්න පිරිස් සමාජයෙ ඉන්නකන් ඒ ක්‍රමය නැති කරන්න බැහැ. ලෝකෙ කිසිම රටක් ගනිකා වෘතිය නැති කරන්න සමත් වෙලා නැත්තෙ ඒ නිසය්. එම නිසා තහනම් කරපු පලියට ගනිකා වෘතිය නතර වෙන්නෙ නැහැ, හොරෙන් හරි සිද්ධ වෙනව, ඉතින් කල යුත්තේ එය නීත්‍යානුකූල කොට පාලනයකට යටත් කිරීමය්. නැතිනම් වගකීම් රහිත ගනිකා ව්‍යාපාරයක් රට තුල හොරෙන්ම ක්‍රියාත්මක වීමය් සිද්ධ වෙන්නෙ.
නමුත් තාමත් අපේ රටේ සදාචාරය ලඟා කර ගත හැකි එකම ක්‍රමය හැටියට දක්වන්නෙ ලිංගිකත්වය හැංගීම. අපිව ලොකු ලිංගික පීඩනයනට ඒ ක්‍රමය ලක් කරල. ඒ පීඩනය වහගන්න ආපහු අපි බොරු සංස්කෘතියක් දේශනා කරනව, ඉතින් අපේ සමාජෙ ලිංගික අසහනයේ චක්‍රයකට හව් වෙලා. ලිංගික ආසාවල් සංසිදවගන්න තියෙන හැම ක්‍රමයක්ම අවහිර කරල, අපිට වෙලා තියෙන්නෙ අපේම ඔලු ඇතුලෙ නිරුවත් රූප මවාගෙන අපිටම තනියෙන් ආතල් දීගන්න. නැත්තන් ඉන්නම බැරි තැන ජැක් එකක් ගහන්න. අපේ රටේ පිරිමි ගෑනු ඇඟ පේනවට අඳිනවට අකමැති අමුතුම ජාතියක්ද, නැහැ, තමන්ටම ලොකු බොරුවක් කර ගන්නෙ. දවසෙ අන්තිමට අපි හැමෝම මහ බොරු කාරයො වෙලා. අපිට රූපවාහිනියෙ පේන නිලියෙක්ගෙ කකුලකුත් මහා වින්දනීය දෙයක් වෙලා, නිලි ගනිකාවො මහ ලොකු ප්‍රවෘත්ති වෙලා.
සදාචාර කල්ලි හැදිල වැලන්ටයින් තහනම් කරන්න කියනව, සමරන අයට හිරිහැර කරනව. පොලිසි වලින් සදාචාරය රකින්න හෝටල් වලට පනිනව. තමන්ගෙ දෙමව්පියන්ගෙන් බලෙන් ලැබුනු ආගම ආභරනයක් කර ගත්තු සංස්කෘතිය කොය් වෙලාවෙත් කටෙන් බේරෙන අය්යල මල්ලිල කවුරුත් රෑට කරන්නෙ රූපවාහිනියෙ හරි අන්තර්ජාලෙ හරි පිහිටෙන් ස්වයං වින්දනයට රෑපයක් හොයාගන්න එක. රියැලිටි ටීවී වැඩසටහන් වල ගෑනියෙකගෙ බඩක් කකුලක් පෙන්නන කල් කටවල් ඇරන් බලන් ඉන්න එක, අන්තර්ජාලයෙ කොට ගවුමක් දැක්කොත් කුනුහර්පෙන් කමෙන්ට් කරල, සංස්කෘතිය විනාශ කිරීමේ චෝදනාවට ලක් කරල, කාටත් හොරෙන් ඒක දිහාම බලාගෙන ආසාව සංසිඳවගන්න එක. ඕක තමය් අපේ රටේ තාරුන්‍යය. අපේ ලිංගිකත්වය තනිකර රැඳිල තියෙන්නෙ රූපවාහිනියෙය්, අනතර්ජාලයෙය්, අපේ අතෙය්. ඒක ලිංගික අධ්‍යාපන ක්‍රමයක් යටතේ ගැහැනුන්ගෙන් වෙන්ව හැදෙන අපේ රටේ පිරිමින්ට ගැහැනිය ලිංගික සෙල්ලම් බඩුවක් බවට පත්වෙලා, ලිංගිකව එක් වීමෙන් ආදරය ඉවත් වෙලා, ගැහැනිය කියන්නෙ හැඟීම් දැනීම් නැති බස් එකේ යන ගමන් හේත්තු වෙන්න තියෙන භාන්ඩයක් බවට පත්වෙලා. කොටට අඳින ගෑනු වල් ගෑනු කියල හිතන්න අපිව පුරුදු කරල. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ඇඳුම් අඳින ගෑනුන්ට වෛර කරන්න පුරුදු කරල, ගෑනුන්ව වැරදි කාරයො කරල. ලිංගික ආසාවල් යටපත් කරගැනීම නෙමෙය් කාටවත් හිරි හැරයක් නැති විදියට ඒව විඳගැනීමය් සමාජෙටත් තමන්ටත් වඩා හොන්ද කියල අපි තවමත් තේරුම් අරන් නැහැ. අපි කවුරුත් මොනව කිව්වත් ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ අපිත් හිත් ඇතුලෙන් මහම මහ වලත්තයො ටිකක් කියල පිලිගන්න අපි තවමත් සූදානම් නැහැ. ඉතින් අපි ස්වයං වින්දනය කරමු, ආඩම්බරෙන්. හැබැය් ස්වයං වින්දනයෙ අන්තිමට දැනෙන්නෙ මහම මහ කාලකන්නි තනිකමක්. ඒ තනිකමත් අපිට ආඩම්බරයක්.
සදාචාර කල්ලි හැදිල වැලන්ටයින් තහනම් කරන්න කියනව, සමරන අයට හිරිහැර කරනව. පොලිසි වලින් සදාචාරය රකින්න හෝටල් වලට පනිනව. තමන්ගෙ දෙමව්පියන්ගෙන් බලෙන් ලැබුනු ආගම ආභරනයක් කර ගත්තු සංස්කෘතිය කොය් වෙලාවෙත් කටෙන් බේරෙන අය්යල මල්ලිල කවුරුත් රෑට කරන්නෙ රූපවාහිනියෙ හරි අන්තර්ජාලෙ හරි පිහිටෙන් ස්වයං වින්දනයට රෑපයක් හොයාගන්න එක. රියැලිටි ටීවී වැඩසටහන් වල ගෑනියෙකගෙ බඩක් කකුලක් පෙන්නන කල් කටවල් ඇරන් බලන් ඉන්න එක, අන්තර්ජාලයෙ කොට ගවුමක් දැක්කොත් කුනුහර්පෙන් කමෙන්ට් කරල, සංස්කෘතිය විනාශ කිරීමේ චෝදනාවට ලක් කරල, කාටත් හොරෙන් ඒක දිහාම බලාගෙන ආසාව සංසිඳවගන්න එක. ඕක තමය් අපේ රටේ තාරුන්‍යය. අපේ ලිංගිකත්වය තනිකර රැඳිල තියෙන්නෙ රූපවාහිනියෙය්, අනතර්ජාලයෙය්, අපේ අතෙය්. ඒක ලිංගික අධ්‍යාපන ක්‍රමයක් යටතේ ගැහැනුන්ගෙන් වෙන්ව හැදෙන අපේ රටේ පිරිමින්ට ගැහැනිය ලිංගික සෙල්ලම් බඩුවක් බවට පත්වෙලා, ලිංගිකව එක් වීමෙන් ආදරය ඉවත් වෙලා, ගැහැනිය කියන්නෙ හැඟීම් දැනීම් නැති බස් එකේ යන ගමන් හේත්තු වෙන්න තියෙන භාන්ඩයක් බවට පත්වෙලා. කොටට අඳින ගෑනු වල් ගෑනු කියල හිතන්න අපිව පුරුදු කරල. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ඇඳුම් අඳින ගෑනුන්ට වෛර කරන්න පුරුදු කරල, ගෑනුන්ව වැරදි කාරයො කරල. ලිංගික ආසාවල් යටපත් කරගැනීම නෙමෙය් කාටවත් හිරි හැරයක් නැති විදියට ඒව විඳගැනීමය් සමාජෙටත් තමන්ටත් වඩා හොන්ද කියල අපි තවමත් තේරුම් අරන් නැහැ. අපි කවුරුත් මොනව කිව්වත් ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ අපිත් හිත් ඇතුලෙන් මහම මහ වලත්තයො ටිකක් කියල පිලිගන්න අපි තවමත් සූදානම් නැහැ. ඉතින් අපි ස්වයං වින්දනය කරමු, ආඩම්බරෙන්. හැබැය් ස්වයං වින්දනයෙ අන්තිමට දැනෙන්නෙ මහම මහ කාලකන්නි තනිකමක්. ඒ තනිකමත් අපිට ආඩම්බරයක්.
Tuesday, November 1, 2011
භාන්ඩ වලට සරිලන අවශ්‍යතා සපයනු ලැබේ
උදේ පාන්දර පාර දිහා බැලුවොත් පේන්නෙ එක හැල්මෙ දුවන මිනිස්සු. එක එක පැති වලට එක එක විධියෙ මිනිස්සු දිවුවට ඔවුන් දුවන්නෙ එකම දෙයක් පස්සෙ, “මුදල්”. කට්ටියක් රැකියා වලට යනව, කට්ටයක් ඉගෙනීමේ කටයුතු වලට යනව, ලොකු උනන්දුවකින්. ඔවුන් ගමන් මලු ඇතුලෙ මොනව දාගෙන ගියත් හිත ඇතුලෙ අරන් යන්නෙ බලාපොරොත්තු. හවසට ඔය හැමෝම ආපහු ගෙදර එන්නෙ දුවල දුවල හොන්දටම හති වැටිල. පුලුවන් තරම් ඉගෙන ගන්නෙ වැඩි පඩි රස්සාවක් ලබා ගන්න. රස්සාවට යන්නෙ පඩිය අඩු නැතිව ලබා ගන්න. පඩිය අඩු උනොත් මුදල් අඩු වෙන්න පුලුවන්, මුදල් අඩු උනොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන්න පුලුවන්, එතකොට සතුට අඩුවෙන්න පුලුවන්. ඒක තමය් අපිට තියෙන ලොකුම බය.
ස්ටීව් ජොබ්ස් මිය ගිහින්. ලෝකෙ පුරා විසිරිලා හිටපු මිනිස්සුන්ගෙ අවධානය එක තැනකට ගත්තු තවත් ආරංචියක්. තමන්ගෙ අතීතෙත් එක්ක සටන් කරල දිනපු, ඒ හරහා ලෝකෙටම ආදර්ශයක් දුන්නු ස්ටීව් ජොබ්ස්ට පිලිකාවට පැරදෙන්න සිදුවීම කනගාටුදායකය්. නමුත් ඔය ප්‍රවෘත්තිය පැතිරී යාමත් එක්ක අපූරු දෙයක් සිද්ධ වෙනව. ෆේස්බුක් වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල ලක්ෂ ගනනින් ශෝක පනිවිඩ සටහන් වෙනව, සාමාන්‍ය ජනතාව පමනක් නෙමෙය් ප්‍රසිද්ධ පුද්ගලයන් පවා රූපවාහිනියෙන් ශෝකය පල කරනව. ඔවුන් හැමෝම කියන්නෙ ස්ටීව් ජොබ්ස් ලෝකයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් කියල, ඔහු මිනිස්සුන්ගෙ ජීවිත වඩාත් පහසු කලා කියල, ඔහු වීරයෙක් කියල. ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?

ස්ටීව් ජොබ්ස් දක්ශ ව්‍යාපාරිකයෙක්, ඔහු කලේ තාක්ෂනයේ තිබ්බ රළු දැඩි ගතිය ඉවත් කරල එය දිලිසෙන සුමුදු ඇපල් ගෙඩියක් බවට පත් කරපු එක. ඔහු මෙවලම් වලට වඩා නිර්මානය කලේ සෙල්ලම් බඩු, හැදුනු වැඩුනු මිනිස්සුන්ව සතුටු කරන සෙල්ලම් බඩු. මිනිස්සු කෝටි ගනනින් ආකර්ශනය කරන්න ඔහුගේ හැම නිශ්පාදනයකටම හැකි උනා. පහසුකම් අතින් වැඩි වෙනසක් නොතිබුනත්, තමන් සතුව තිබුනු දුරකථනයෙ අඩුවක් නැති උනත්, නිශ්පාදන වියදමට වඩා තුන් ගුනයක් පමන මිල වැඩි උනත්, iphone අලුත්ම සංස්කරනය නිකුත් වෙනකන් හැමෝම සල්ලි මිටි ගනන් ලෑස්ති කරගෙන බලන් හිටිය. Apple නිශ්පාදන වල මිල දැරීමට නොහැකි මිනිස්සු පවා ඔවුන්ට අඩු මුදලට එකම අවශ්‍යතාව සපුරන භාන්ඩ මිලදී ගන්නට පුලුවන් කම තියෙද්දිත් Apple නිශ්පාදන මිලදී ගත්ත.
මෙය Apple නිශ්පාදන වලට පමනක් සීමා උනු දෙයක් පමනක් නෙමෙය්. මිනිස්සු එක එක වෙලඳ නාම යටතෙ එන නිශ්පාදන පස්සෙ හඹා යනව. ලංකාවෙ වගේ මිලදී ගැනීමෙ හැකියාව අඩු ඉන්න මිනිස්සු රටක පවා පවතින්නෙත් ඔය ක්‍රමයමය්. තමන්ගෙ මාසික ආදායම වගේ දස ගුනයක් පමන වන නිශ්පාදන වලින් ගෙවල් පුරෝ ගෙන. සමහරක් ඒවට අවුරුදු ගානකින් අතක් තියපු පාටක් පේන්න නැහැ. පරිගනකය හෑම ගෙදරකටම අනිවාර්ය විසිතුරු භාන්ඩයක් වෙලා. ඒව පිටි පස්සෙ තියෙන්නෙ මාස ගනනක මහන්සිය, නැතිනම් ණය. එක කෙලින් තිබ්බොත් ගෙදර පලලටත් වඩා වැඩි බිල් කන්දරාවක්. ගෙවන්න යන මුදල ජීවත් වෙන්න අවශ්‍ය ආහාර වලට වැය කරන කරන මුදලටත් වඩා වැඩියි.
මානව ඉතිහාසයෙ මුල් අවධියෙදි පැවතුනේ මූලික අවශ්‍යතා කිහිපයක් විතරය්. ඔවුන්ට බඩගින්න නිවා ගන්න කරන්න තිබුනෙ දඩයම් කිරීම විතරය්. එම නිසා ඔවුන්ට ආයුධ වල අවශ්‍යතාව ඇති උනා. කුඩා කන්ඩායම් වශයෙන් ජීවත් වුනු නිසා ඔවුන්‍ට සන්නිවේදනය කරන්න වගේම වින්දනය සඳහා අවශ්‍ය වුනේ සරල මෙවලම් කිහිපයක් පමනය්. නමුත් දැන් අපි පවුල් වශයෙන් බෙදිල, ලෝකය පිලිබඳ අපේ සංකල්පය විශාල වෙලා. අපිට තව දුරටත් දඩයම් කරන්න බැහැ. මේසයට කෑම ගෙන්න ගන්න අපිට රස්සාවල් කරන්න වෙලා. ඒ වෙනුවෙන් අපිට ඉගෙන ගන්න වෙලා, තාක්ශනික මෙවලම් ලෝකයට අපිව බැඳල තබන තන්තුවක් වගේ. මූලික අවශ්‍යතා සපුර ගන්න කුඩා අවශ්‍යතා රැසක් සපුර ගන්න වෙලා. එම නිසා අපිට වැඩි වශයෙන් පරිභෝජනය කරන්න වෙනව.
ප්‍රශ්නය පරිභෝජනය නෙමෙය්. අපේ අවශ්‍යතාවල් සපුරන්නේ නැති භාන්ඩ පරිභෝජනය කිරීමය්. අපි භාන්ඩ මිලදී ගන්නෙ අවශතාවල් සපුර ගන්න කියල අපි විශ්වාස කරන්න කැමතියි. නමුත් ඇත්තම හේතුව ඒකද? 19 වන ශතවර්ශයේදි කාර්මික විප්ලවයත් එක්ක විශාල වශයෙන් භාන්ඩ නිශ්පාදනය වෙනව. එහි ප්‍රතිපලයක් විදියට අඩු මුදලකට භාන්ඩ වෙලඳ පොලට එනව, නිවෙස් තුල භාන්ඩ එක් රැස් වෙන්න පටන් ගන්නව. නොයෙකුත් වෙලඳ නාම වෙලඳ පොල වගේම මිනිස්සුන්ගෙ හිත් ආක්‍රමනය කරන්න සමත් වෙනව. Consumerism, එහෙමත් නැතිනම් විශාල ප්‍රමාන වලින් භාන්ඩ පරිභෝජනය ආරම්භ වෙන්න ඔය විදියට. සම්පත් එකතු කිරීම, නිශ්පාදනය,බෙදාහැරීම,පරිභෝජනය,ඉවත ලෑම කියන පියවර පහෙන් සමන්විත ඔය ක්‍රියාවලියෙ සමාජයෙ පැවැත්මට වඩාත්ම බලපාන්නෙ බෙදාහැරීම සහ පරිභෝජනය. හැකි තරම් ලාබ ලබා ගැනීමේ අරමුනු ඇතිව භාන්ඩ නිශ්පාදන කරන සමාගම් වෙලඳ සැල් වලට භාන්ඩ බෙදා හරිනව. වෙලඳ සැලේ රාක්කයක ඉඩ අහුරගෙන පාරිභෝගිකයෙක් එනකන් භාන්ඩ බලන් ඉන්න අතරෙ ඇමක ඉන්න පනුවගෙ කාර්ය ඉටු කරන්නෙ වෙලඳ දැන්වීම්.
වෙලඳ දැන්වීම් කියන සංකල්පයෙන් ඉගෙන ගන්න පුලුවන් දේ බොහොමය්. ඒ වෙලඳ දැන්වීම් භාවිතා කරන උපක්‍රම වලින් අපිට අපි කව්ද වගේම සමාජයෙ අනිකුත් මිනිස්සුත් කව්ද කියල වටහා ගන්න පුලුවන් නිසා. වෙලඳ දැන්වීම් මුලින්ම ඉලක්ක කර ගන්නෙ ඉහල පන්තිය. ඒ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි නිසා. වෙලඳ දැන්වීම් අපේ මනසෙ හිල් අතරින් රිංගල යන්න පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමය තමය්, අදාල භාන්ඩයට අපේ ජීවතය වඩාත් යහපත් කිරීමේත්, අපිව සතුටෙන් තැබීමේත් හැකියාව තිබෙනව කියන අදහස. එහෙමත් නැතිනම් ඔබ මිලදී ගන්නා භාන්ඩය සමාජය තුල ඔබව නිර්වචනය කරන සාධකයක් කියන අදහස. ඔබේ ආකල්ප, ඔබේ කලාත්මක අදහස් ලෝකයට පෙන්වන්න ඔබට භාන්ඩ අවශ්‍යය් කියන අදහස. වෙලඳ දැන්වීම් වල මෝටර් රථ වල නැගල යන, සතුට මුහුනෙ හැම පේශියකින්ම බේරෙන පවුල් පෙන්නන්නෙ ඒ නිසා. සුවඳ විලවුන් වලින් පහසුවෙන් ලිංගික සහකරුවෙක් ලබා ගන්න පුලුවන් බව පෙන්නන්නෙ ඒ නිසා. Ringing tone එකකින් ඔබේ රසාස්වින්දනය පෙන්වන්න පොලඹවන්නෙ ඒ නිසා.
මුදලින් අඩු පාඩුවක් නැති ඉහල පන්තිය අදාල භාන්ඩයේ මුල්ම ගැනුම් කරුවො වෙනව. රටක පහල ස්ථරය ඉන්නෙ තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගැනීමේ අරගලයක. ඔවුන් විශ්වාස කරනව ඉහල ස්ථරය අනුකරනය කිරීමෙන් තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගන්න පුලුවන් කියල. ඒ සඳහා ඔවුන් කරන්නෙ ආර්ථිකව අපහසු උනත් ඉහල සමාජ ස්ථරයේ සිටින පුද්ගලයන් මිලදී ගන්නා භාන්ඩ මිලදී ගැනීමට පෙලඹීම.
Credit card සමාගමුත් ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනව. හරියට කොටියෙක් මුවෙක්ව ග්‍රහනය කරගන්නව වගේ. බලන් ඉන්න කෙනාට පේන්නෙ කොටිය බොහොම ආදරෙන් මුවාව බදා ගන්නව වගේ, ඒත් කොටිය කරන්නෙ බෙල්ලෙන්ම අල්ල ගන්න එක. ලංකාවෙ සුපිරි අවන්හල්, ඒ වගේම අග නගරය ආශ්‍රිත සුපිරි වෙලඳ සැල් ප්‍රචලිත වෙන්න ඔය හේතුව විශාල ආකාරයෙන් බලපෑව. එම නිසා රටක ජීවන රටාව තීරනය කරන්නෙ ඒ රටේ ඉහල පන්තිය. ඊට පස්සෙ ක්‍රමයෙන් අදාල භාන්ඩය පහල සමාජ තල වලට කාන්දු වෙනව. ඒ සමාජ තලයේ බහුතරයක් අතට අදාල භාන්ඩය පත් වුනාට පස්සෙ, සුලුතරයට ඉබේම පීඩනයක් එනව ඒ භාන්ඩය මිලදී ගන්න. මොකද සමාජයෙන් කොන් වීම අපිට තියෙන ලොකුම බයක්. උදාහරන ජංගම දුරකථනය. නමුත් හැම පන්තියකටම ඔය කියන භාන්ඩය කාන්දු උනාට පස්සෙල ඉහල ස්ථර වල ඉන්න අයට ඒ භාන්ඩය තමන්ගෙ පන්තිය පෙන්වීමට යොදා ගන්න බැරි වෙනව. " දැන් ෆෝන් එකත් බල්ලට ගිහින්" වගේ කතා ඇහෙන්නෙ ඔය හේතුව නිසා.
ලංකාවෙ බහුතරයක් නරඹන රූපවාහිනී නාලිකා වල වැඩසටහන්, මෙගා නාට්‍යය ඇතුලුව, සුපිරි ජීවිත ගත කරන මිනිස්සුන්ව පෙන්නන්නෙ මිනිස්සු අතර සහජයෙන් තියෙන ඔය ආසාව අවුස්සන්න. උදාහරනයකට සිරස නාලිකාවෙ විකාශය වන සුභාසිරි කියන වැඩසටහනෙ පෙන්වන්නෙ අධික මුදලක් වැය කරල පවත්වන විවාහ උත්සව. සිරස කියන්නෙ ඔය තරම් මුදල් වියදම් කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු බලන නාලිකාවක් නෙමෙය්, රටේ සාමාන්‍යය මිනිස්සු බලන නාලිකාවක්. ඒ වගේම උදේ පාන්දර සියලුම නාලිකා ආක්‍රමනය කරන නූතන බෙහෙත් තෙල් වෙලෙන්දන්. ඔබ මහතනම් කැතය්, කලු නම් කැතය් කියල පෙත්තක් විකුන ගන්න ඔබේ ආත්ම අභිමානය බිඳිනව. වෙලඳ නාම අනුගමනය කරනව, ශ්‍රද්ධාවෙන්, නිකුත් කරන ඕනම භාන්ඩයක් මිල හෝ ප්‍රමිතිය ගැන නොහිත තමන් සතු කරගන්නව.
මිල දී ගැනීමෙන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුලුවන්ද?
ඔහු මතු කරල තිබෙන කාරනාව ඇමෙරිකාවෙ විතරක් නෙමෙය් පෟතුවි කබොල්ල මත ජීවත් වෙන අපි හැමෝටම අදාලය්. අපි යමක් මිලදී ගන්න කොට අපිට නොදැනිම අපි "නැහැ" කියන මානසික බොත්තම ඔබනව. අපි හැමතිස්සෙම හිතන්නෙ නැති දේ ගැන. තව තවත් මිලදී ගන්න ඒ හැඟීම අපිව පොලඹවනව. තනි කමින් බැට කන මිනිස්සු තමන්ගෙ තනි කම දුක මකා ගන්න භාන්ඩ පාවිච්චි කරල ඒ භාන්ඩ එක්ක තව තවත් තනි වෙනව, තව තවත් දුක් වෙනව. මිලදී ගන්න භාන්ඩ කැඩුනම නැවත කොටස් මිලදී ගන්න වෙනව.මේ නිසා අපි කොච්චර මිලදී ගත්තත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. අපේ මේ ඇබ්බැහිය අපේ ආත්ම විශ්වාසය නැති කරනව, අපිව මානසිකව වට්ටල වෙනමම පුද්ගලයෙක් බවට පත් කරනව. සමාජීය වශයෙන් අපි හැමෝම වැඩියෙන් මුදල් අතට ගන්න ලොකු දුකක් විඳිනව. ලස්සන සැප පහසු පුටුවක් මිලදී ගන්න කන්තෝරුවෙ කසි කබල් පුටුවෙ ජීවිතේ වැඩි කාලයක් කට්ට කනව. අපිව ණය කාරයො බවට පත් වෙනව. ඒ වගේම ස්වාභාවික සම්පත් ලබා ගැනීමේදීත්, නිශ්පාදනයේදීත්,භාන්ඩ ඉවත ලෑමේදීත් විශාල වශයෙන් පරිසරයට හානි සිදු වෙනව.ගෙදර තියෙන බඩු සේරම විසික් කරල දාල කැලේකට ගිහින් දඩයම් කරන එකවත්, සමාජ වාදියෙකු වෙලා ධනවාදයට එරෙහිව සටන් කරන එකවත් නෙමෙය් විසඳුම. පරිභෝජනය කියන්නෙ අපේ ජීවිතය ගැන වගකීමක් කියන කාරනාව තේරුම් ගත යුතුය්.
සමාජවාදීන් මේ ක්‍රමයට විසඳුමක් හැටියට සමාජවාදී ආරථික ක්‍රමයක් යෝජනා කලත්, අපි හැඟීම් වලින් මිලදී ගැනීම නතර කොට බුද්ධියෙන් මිලදී ගැනීම ආරම්භ කරනකන්, මොන ආරථික ක්‍රමයටවත් විසඳුමක් වෙන්න බැරි වේවි. අපි ව්‍යාපාරිකයන්ගෙ අත කොලුවක් නොවී, මිලදී ගන්නා භාන්ඩ වලින් සපුරන නියම අවශ්‍යතාවය, එහි මිල හා ප්‍රමිතිය ගැන දෙවරක් සිතිය යුතුය්. අපි අපේ අවශ්‍යතා මිස, ව්‍යාපාරිකයො විසින් අපිට හදල දෙන අවශ්‍යතා සපුරන්නට උත්සහ දැරුවොත් වෙන්නෙ කවදාවත් ඉවර වෙන්නෙ නැති, හති වට්ටන ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න, භාන්ඩ වලට අපිව අලෙව් කරන්න.
ඔබ සතුව තියෙන භාන්ඩ වලින්වත්, ඔබේ රැකියාවෙන්වත් ඔබ කව්ද කියල තීරනය වෙන්නෙ නැහැ. එම නිසා ඔබේ ප්‍රතිරූපය හදාගන්න කාගෙවත් සාක්කු පුරවන්න අවශ්‍ය නැහැ. කාටවත් ගන්න බැරි ඔබේ අදහස් තමය් ඔබ කව්ද කියල තීරනය කරන්නෙ. ඔබේ ආකල්ප ලෝකයට පෙන්වන්න කලාව භාවිතා කරන්න. විවිධ වැකි සහිත ඇඳුම් මිලදී ගන්නවට වඩා, Ringing tone භාවිතා කරනවට වඩා ඒ ක්‍රමය සාර්ථකය්. එයින් ඔබට වගේම ඔබේ අදහස් වලටත් වටිනාකමක් ලැබෙනව. නමුත් ලෝකයේ බොහෝ දේවල් වලට වගේම consumerism වලටත් හොන්ද පැත්තක් තියෙනව. රටක ආර්ථිකය ඉහල දැමීමේ හැකියාව, හඳුන්වාදීම් වලට මිනිස්සු පෙලඹවීම, රැකියා අවස්ථා බිහි කිරීම එයින් කිහිපයක්. නමුත් ඔය රැකියාවල් වල නිරත වෙන මිනිස්සු ලස්සන දිලිසෙන භාන්ඩ කිහිපයකට ඔවුන් උපයන සියලුම මුදල් පූදල් පූජා කලොත්, වැඩි වැඩියෙන් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් වැඩි වැඩියෙන් වෙහෙසුනොත්, අවසාන ප්‍රථිපලය වෙන්නෙ අසතුට, මානසිකවත් ආර්ථිකවත් සාමාජීයවත් පුද්ගලයා පිරිහීම. රටක ආර්ථිකයත් ඉහල දැමීමටවත්, නව නිර්මාන දිරිමත් කරන්නවත්, ඔබේ සතුට, පරිසරය බිල්ලට දීම අසාධාරන ක්‍රම වේදයක්. Ethical consumerism සංකල්පය බිහි වෙන්නෙ ඔය හේතුව නිසා. එය සමාගම් විසින් පරිසරයට අවම හානියක් කොට භාන්ඩ නිශ්පාදනය කිරීමට දෙන පොරොන්දුවක්. නමුත් තාමත් ඔබේ සතුට අනතුරේ.
"ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?". ඔහු සමාජයේ ඔඩු දුවල තිබුනු පරිභෝජනවාදය කියන පිලිකාවෙන් හටගත්තු, සමාජය සමග පෑහීමේ අවශ්‍යතාවය කියන හිසරදයට වේදනා නාශකයක් වූ නිසා. ලෝකයේ පලමු පරිගනක මූසිකය එලි දකිනව බලන් හිටපු ස්ටීව් කලේ එහි තිබුනු කාර්මික ගතිය ඉවත් කරල එය පාව්ච්චියට පහසු ආකර්ශනීය භාන්ඩයක් හැටියට නිශ්පාදනය කිරීම. iphone එකේ මිල අඩුවෙද්දි, හැම පන්තියටම එය මිලදී ගැනීමේ හැකියාව ලැබෙද්දි ස්ටීව් කලේ තවත් මිල අධික නව සංස්කරනයක් නිකුත් කරන එක. ඔහු කලේ තාක්ශනික භාන්ඩ තමන්ගෙ සාමාජීය තත්වය පෙන්නුම් කරන, පෞරුශය ඉස්මතු කරන දෙයක් බවට පත් කිරීම. ඔහු කලේ අවශ්‍යතාවයට සරිලන භාන්ඩ නිර්මානය කිරීම නෙමෙය්, ඔහුගේ භාන්ඩ වලට සරිලන අවශ්‍යතා මිනිස්සු තුල නිර්මානය කිරීම. ඔහුට එහෙම කරන්න හැකියාව ලැබුනෙ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හැංගිලා තියෙන හිමි කර ගැනීමේ ආසාව සහ ඒ තුලින් තමන්ගේ මානය ඉහල දමා ගැනීමේ ආසාව නිසා. ඉතින් ස්ටීව් ජොබ්ස් මාධ්‍යයටත්, පාරිභෝගිකයන්ටත් වීරයෙක්.
පරිගනක ලෝකයේ විප්ලවයක් කරපු C පරිගනක භාශාව සහ UNIX නිර්මානය කරපු ඩෙනිස් රිචී මිය යනවිට ලෝකයෙන් අඩක්වත් ඔහු ගැන දැන සිටියෙවත් නැහැ. ඒ ඔහුගෙ හඳුන්වාදීම ආභරනයක් හැටියට මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි වූ නිසා. ඒ අතින් බලන කල ස්ටීව් නිර්මානශීලී, දක්ශ ව්‍යාපාරිකයෙක්. ඔහු කලේ ව්‍යාපාරිකයකු කල යුතු දේ. ඔහු ලෝකයට ව්‍යාපාරයක් කරන හැටි ගැන ඉගැන්නුව, තාක්ශනය දිහා වෙනස් විදියට බලන්න ව්‍යාපාරිකයන්ව හුරු කලා. එම නිසා ඔහු ගෞරවය හිමි විය යුතු පුද්ගලයෙක්. නමුත් ඔහු ලෝකය වෙනස් කරපු, මිනිස් සංහතියට අති විශාල සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට නම් වීම අපේ සමාජය ගැන එක් යථාර්තයක් හෙලි කලා. ව්‍යාපාරිකයට වන්දනාමාන කරන තත්වයට පාරිභෝගිය පත්වෙලා. ආගමික ශාස්තෟවරයෙක්ගෙ තත්වයට ව්‍යාපාරිකය පත් වෙලා. උපාධියක් වත් නොමැතිව ජිවන අරගලයට මූන දීල ජයගත්තු ස්ටීව් ලෝකෙන් සමුගත්තෙ අපි කාටත් අධ්‍යාපනය ගැන, උත්සහය ගැන පාඩම් රැසක් කියා දීල. නමුත් බහුතරයක් ස්ටීව් ජොබ්ස්ව වන්දනා මාන කලේ ඔහු පුද්ගලයෙක් හැටියට ඔවුන්ගෙ ජීවිත වලට දුන්න ආදර්ශය නිසා නෙමෙය්, ඔවුන්ග ජීවිත වලට අධික මුදලකට ඔහු දුන් විද්‍යුත් පරිපථ කිහිපයක් නිසා. ස්ටීව් ජොබ්ස්ගෙ මරනයට ලෝකය දක්වපු ඒ ප්‍රතිචාරය පෙන්නුම් කලේ මනුස්ස ජාතිය හැටියට අපි ඒ අන්දන් ඉන්න ඇන්දිල්ල. ඔව් ලෝකය වෙනස් වෙලා.
මුදලින් අඩු පාඩුවක් නැති ඉහල පන්තිය අදාල භාන්ඩයේ මුල්ම ගැනුම් කරුවො වෙනව. රටක පහල ස්ථරය ඉන්නෙ තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගැනීමේ අරගලයක. ඔවුන් විශ්වාස කරනව ඉහල ස්ථරය අනුකරනය කිරීමෙන් තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගන්න පුලුවන් කියල. ඒ සඳහා ඔවුන් කරන්නෙ ආර්ථිකව අපහසු උනත් ඉහල සමාජ ස්ථරයේ සිටින පුද්ගලයන් මිලදී ගන්නා භාන්ඩ මිලදී ගැනීමට පෙලඹීම.
Credit card සමාගමුත් ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනව. හරියට කොටියෙක් මුවෙක්ව ග්‍රහනය කරගන්නව වගේ. බලන් ඉන්න කෙනාට පේන්නෙ කොටිය බොහොම ආදරෙන් මුවාව බදා ගන්නව වගේ, ඒත් කොටිය කරන්නෙ බෙල්ලෙන්ම අල්ල ගන්න එක. ලංකාවෙ සුපිරි අවන්හල්, ඒ වගේම අග නගරය ආශ්‍රිත සුපිරි වෙලඳ සැල් ප්‍රචලිත වෙන්න ඔය හේතුව විශාල ආකාරයෙන් බලපෑව. එම නිසා රටක ජීවන රටාව තීරනය කරන්නෙ ඒ රටේ ඉහල පන්තිය. ඊට පස්සෙ ක්‍රමයෙන් අදාල භාන්ඩය පහල සමාජ තල වලට කාන්දු වෙනව. ඒ සමාජ තලයේ බහුතරයක් අතට අදාල භාන්ඩය පත් වුනාට පස්සෙ, සුලුතරයට ඉබේම පීඩනයක් එනව ඒ භාන්ඩය මිලදී ගන්න. මොකද සමාජයෙන් කොන් වීම අපිට තියෙන ලොකුම බයක්. උදාහරන ජංගම දුරකථනය. නමුත් හැම පන්තියකටම ඔය කියන භාන්ඩය කාන්දු උනාට පස්සෙල ඉහල ස්ථර වල ඉන්න අයට ඒ භාන්ඩය තමන්ගෙ පන්තිය පෙන්වීමට යොදා ගන්න බැරි වෙනව. " දැන් ෆෝන් එකත් බල්ලට ගිහින්" වගේ කතා ඇහෙන්නෙ ඔය හේතුව නිසා. ලංකාවෙ බහුතරයක් නරඹන රූපවාහිනී නාලිකා වල වැඩසටහන්, මෙගා නාට්‍යය ඇතුලුව, සුපිරි ජීවිත ගත කරන මිනිස්සුන්ව පෙන්නන්නෙ මිනිස්සු අතර සහජයෙන් තියෙන ඔය ආසාව අවුස්සන්න. උදාහරනයකට සිරස නාලිකාවෙ විකාශය වන සුභාසිරි කියන වැඩසටහනෙ පෙන්වන්නෙ අධික මුදලක් වැය කරල පවත්වන විවාහ උත්සව. සිරස කියන්නෙ ඔය තරම් මුදල් වියදම් කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු බලන නාලිකාවක් නෙමෙය්, රටේ සාමාන්‍යය මිනිස්සු බලන නාලිකාවක්. ඒ වගේම උදේ පාන්දර සියලුම නාලිකා ආක්‍රමනය කරන නූතන බෙහෙත් තෙල් වෙලෙන්දන්. ඔබ මහතනම් කැතය්, කලු නම් කැතය් කියල පෙත්තක් විකුන ගන්න ඔබේ ආත්ම අභිමානය බිඳිනව. වෙලඳ නාම අනුගමනය කරනව, ශ්‍රද්ධාවෙන්, නිකුත් කරන ඕනම භාන්ඩයක් මිල හෝ ප්‍රමිතිය ගැන නොහිත තමන් සතු කරගන්නව.
මිල දී ගැනීමෙන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුලුවන්ද?
Americans become unhappy and vicious because their preoccupation with amassing possessions obliterates their loneliness. This is why production in America seems to be on such an endless upward spiral: every time we buy something we deepen our emotional deprivation and hence our need to buy something.Philip Saltier
සමාජවාදීන් මේ ක්‍රමයට විසඳුමක් හැටියට සමාජවාදී ආරථික ක්‍රමයක් යෝජනා කලත්, අපි හැඟීම් වලින් මිලදී ගැනීම නතර කොට බුද්ධියෙන් මිලදී ගැනීම ආරම්භ කරනකන්, මොන ආරථික ක්‍රමයටවත් විසඳුමක් වෙන්න බැරි වේවි. අපි ව්‍යාපාරිකයන්ගෙ අත කොලුවක් නොවී, මිලදී ගන්නා භාන්ඩ වලින් සපුරන නියම අවශ්‍යතාවය, එහි මිල හා ප්‍රමිතිය ගැන දෙවරක් සිතිය යුතුය්. අපි අපේ අවශ්‍යතා මිස, ව්‍යාපාරිකයො විසින් අපිට හදල දෙන අවශ්‍යතා සපුරන්නට උත්සහ දැරුවොත් වෙන්නෙ කවදාවත් ඉවර වෙන්නෙ නැති, හති වට්ටන ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න, භාන්ඩ වලට අපිව අලෙව් කරන්න.
ඔබ සතුව තියෙන භාන්ඩ වලින්වත්, ඔබේ රැකියාවෙන්වත් ඔබ කව්ද කියල තීරනය වෙන්නෙ නැහැ. එම නිසා ඔබේ ප්‍රතිරූපය හදාගන්න කාගෙවත් සාක්කු පුරවන්න අවශ්‍ය නැහැ. කාටවත් ගන්න බැරි ඔබේ අදහස් තමය් ඔබ කව්ද කියල තීරනය කරන්නෙ. ඔබේ ආකල්ප ලෝකයට පෙන්වන්න කලාව භාවිතා කරන්න. විවිධ වැකි සහිත ඇඳුම් මිලදී ගන්නවට වඩා, Ringing tone භාවිතා කරනවට වඩා ඒ ක්‍රමය සාර්ථකය්. එයින් ඔබට වගේම ඔබේ අදහස් වලටත් වටිනාකමක් ලැබෙනව. නමුත් ලෝකයේ බොහෝ දේවල් වලට වගේම consumerism වලටත් හොන්ද පැත්තක් තියෙනව. රටක ආර්ථිකය ඉහල දැමීමේ හැකියාව, හඳුන්වාදීම් වලට මිනිස්සු පෙලඹවීම, රැකියා අවස්ථා බිහි කිරීම එයින් කිහිපයක්. නමුත් ඔය රැකියාවල් වල නිරත වෙන මිනිස්සු ලස්සන දිලිසෙන භාන්ඩ කිහිපයකට ඔවුන් උපයන සියලුම මුදල් පූදල් පූජා කලොත්, වැඩි වැඩියෙන් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් වැඩි වැඩියෙන් වෙහෙසුනොත්, අවසාන ප්‍රථිපලය වෙන්නෙ අසතුට, මානසිකවත් ආර්ථිකවත් සාමාජීයවත් පුද්ගලයා පිරිහීම. රටක ආර්ථිකයත් ඉහල දැමීමටවත්, නව නිර්මාන දිරිමත් කරන්නවත්, ඔබේ සතුට, පරිසරය බිල්ලට දීම අසාධාරන ක්‍රම වේදයක්. Ethical consumerism සංකල්පය බිහි වෙන්නෙ ඔය හේතුව නිසා. එය සමාගම් විසින් පරිසරයට අවම හානියක් කොට භාන්ඩ නිශ්පාදනය කිරීමට දෙන පොරොන්දුවක්. නමුත් තාමත් ඔබේ සතුට අනතුරේ.
"ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?". ඔහු සමාජයේ ඔඩු දුවල තිබුනු පරිභෝජනවාදය කියන පිලිකාවෙන් හටගත්තු, සමාජය සමග පෑහීමේ අවශ්‍යතාවය කියන හිසරදයට වේදනා නාශකයක් වූ නිසා. ලෝකයේ පලමු පරිගනක මූසිකය එලි දකිනව බලන් හිටපු ස්ටීව් කලේ එහි තිබුනු කාර්මික ගතිය ඉවත් කරල එය පාව්ච්චියට පහසු ආකර්ශනීය භාන්ඩයක් හැටියට නිශ්පාදනය කිරීම. iphone එකේ මිල අඩුවෙද්දි, හැම පන්තියටම එය මිලදී ගැනීමේ හැකියාව ලැබෙද්දි ස්ටීව් කලේ තවත් මිල අධික නව සංස්කරනයක් නිකුත් කරන එක. ඔහු කලේ තාක්ශනික භාන්ඩ තමන්ගෙ සාමාජීය තත්වය පෙන්නුම් කරන, පෞරුශය ඉස්මතු කරන දෙයක් බවට පත් කිරීම. ඔහු කලේ අවශ්‍යතාවයට සරිලන භාන්ඩ නිර්මානය කිරීම නෙමෙය්, ඔහුගේ භාන්ඩ වලට සරිලන අවශ්‍යතා මිනිස්සු තුල නිර්මානය කිරීම. ඔහුට එහෙම කරන්න හැකියාව ලැබුනෙ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හැංගිලා තියෙන හිමි කර ගැනීමේ ආසාව සහ ඒ තුලින් තමන්ගේ මානය ඉහල දමා ගැනීමේ ආසාව නිසා. ඉතින් ස්ටීව් ජොබ්ස් මාධ්‍යයටත්, පාරිභෝගිකයන්ටත් වීරයෙක්.
පරිගනක ලෝකයේ විප්ලවයක් කරපු C පරිගනක භාශාව සහ UNIX නිර්මානය කරපු ඩෙනිස් රිචී මිය යනවිට ලෝකයෙන් අඩක්වත් ඔහු ගැන දැන සිටියෙවත් නැහැ. ඒ ඔහුගෙ හඳුන්වාදීම ආභරනයක් හැටියට මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි වූ නිසා. ඒ අතින් බලන කල ස්ටීව් නිර්මානශීලී, දක්ශ ව්‍යාපාරිකයෙක්. ඔහු කලේ ව්‍යාපාරිකයකු කල යුතු දේ. ඔහු ලෝකයට ව්‍යාපාරයක් කරන හැටි ගැන ඉගැන්නුව, තාක්ශනය දිහා වෙනස් විදියට බලන්න ව්‍යාපාරිකයන්ව හුරු කලා. එම නිසා ඔහු ගෞරවය හිමි විය යුතු පුද්ගලයෙක්. නමුත් ඔහු ලෝකය වෙනස් කරපු, මිනිස් සංහතියට අති විශාල සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට නම් වීම අපේ සමාජය ගැන එක් යථාර්තයක් හෙලි කලා. ව්‍යාපාරිකයට වන්දනාමාන කරන තත්වයට පාරිභෝගිය පත්වෙලා. ආගමික ශාස්තෟවරයෙක්ගෙ තත්වයට ව්‍යාපාරිකය පත් වෙලා. උපාධියක් වත් නොමැතිව ජිවන අරගලයට මූන දීල ජයගත්තු ස්ටීව් ලෝකෙන් සමුගත්තෙ අපි කාටත් අධ්‍යාපනය ගැන, උත්සහය ගැන පාඩම් රැසක් කියා දීල. නමුත් බහුතරයක් ස්ටීව් ජොබ්ස්ව වන්දනා මාන කලේ ඔහු පුද්ගලයෙක් හැටියට ඔවුන්ගෙ ජීවිත වලට දුන්න ආදර්ශය නිසා නෙමෙය්, ඔවුන්ග ජීවිත වලට අධික මුදලකට ඔහු දුන් විද්‍යුත් පරිපථ කිහිපයක් නිසා. ස්ටීව් ජොබ්ස්ගෙ මරනයට ලෝකය දක්වපු ඒ ප්‍රතිචාරය පෙන්නුම් කලේ මනුස්ස ජාතිය හැටියට අපි ඒ අන්දන් ඉන්න ඇන්දිල්ල. ඔව් ලෝකය වෙනස් වෙලා.
Tuesday, October 4, 2011
ඔබත් වහලෙක්ද?
ඔබ මේ මොහොතෙ මේ ලිපිය කියවනව. මේ ලිපිය කියවන්න ඔබ තීරනය කලේ ඇය්? කියවන්න වටින ලිපියක් කියල හිතුනු නිසාද? එහෙමනම් ඔබේ හිතට රිංග ගත්ත ඒ අදහස ආවෙ කොහෙන්ද? මගෙන්. ඒ කියන්නෙ ඔබ කැමති උනත් අකමැති උනත් මට පුලුවන් වෙලා තියෙනව මට උවමනා දේ ඔබ ලවා කරගන්න. ඔබ අන් අයගෙ අදහස් ඔබේ කියල හිතාගෙන ඔවුන්ගෙ උවමනා ඉෂ්ඨ කරන පුද්ගලයෙක්ද? ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය, මුදල් සහ ශ්‍රමය වැය කරන පුද්ගලයෙක්ද? එහෙම කිව්වම ඔබට කේන්ති යනවත් ඇති. ඒ උනාට ඔබ ජීවිත කාලෙ පුරාම කරල තියෙන්නෙ ඔය දේ නෙමෙය්ද?
අපි මේ ලෝකෙට එන්නෙ කිසිම විදියක දැනුමක් හෝ අත්දැකීමක් නැතුව. අපි ඉපදුනු අලුත අම්මගෙන් කිරි උරා බොන්නෙ, අම්මගෙ ඇඟිල්ලෙන් අල්ල ගන්නෙ දැනගෙන නෙමෙය්, අපේ ශරීරයෙන් දක්වන ප්‍රතිචාරයක් විදියට. ඒත් ඔහොම ටික කාලයක් යද්දි අපේ අවට ඉන්න පුද්ගලයො, අපේ දෙමව්පියො, ඔවුන්ට අවශ්‍ය විදියට අපිව හසුරවන්න එක එක සම්මතයන් අපේ හිත් වලට ඇතුල් කරනව. වැඩිහිටියො එක්ක එකට එක කියන එක වැරදිය්, හය්යෙන් කතා කරන එක වැරදිය් වගේ අපි කරන දේවල් මැදින් ඉරක් ගහල හොඳ නරක කියල පැති දෙකකට බෙදනව. නරකය් කියන දේවල් කරන්න එපා කියනව, කලොත් දඬුවම් කරනව. තර්ක කරන්න තරම් බුද්ධියක් නැති දරුව එක්කො ඔය දඬුවම වලට බයේ, නැත්තන් වැඩිහිටියන් සතුටු කරල වරප්‍රසාද හිමි කර ගන්න අරමුන ඇතුව “නරක” නොකරන්නත් “හොඳ” කරන්නත් පුරුදු වෙනව. ඔය අතරෙ ගොඩක් දෙමව්පියො හොඳ නරක ලැයිස්තුව ට අලුතෙන් දේවල් හඳුන්වා දෙන්නත් අමතක කරන්නෙ නැහැ. අර පොතට වඳින්න, මේ පිලිමෙට වඳින්න, එහෙම කලොත් මේව ලැබෙනව, ඒව පිලිගත්තෙ නැති උනොත් දුක් විඳින්න වෙනව කියල ලමයගෙ මනසට ඇතුල් කරනව. අපි අයිති අහවල් පන්තියට, අහවල් ජාතියට, අපි ඉන්න ඕනෙ මේ විදියට කියල සම්මතයන් හදල දෙනව. යමක් අත්හදා බලල ඒකෙ ප්‍රථිපල අනුව යමක නිරත වෙන්නත්, එයින් වැලකෙන්නත් පුරුදු වෙන්නෙ කලාතුරකින්.
අපි මේ ලෝකෙට එන්නෙ කිසිම විදියක දැනුමක් හෝ අත්දැකීමක් නැතුව. අපි ඉපදුනු අලුත අම්මගෙන් කිරි උරා බොන්නෙ, අම්මගෙ ඇඟිල්ලෙන් අල්ල ගන්නෙ දැනගෙන නෙමෙය්, අපේ ශරීරයෙන් දක්වන ප්‍රතිචාරයක් විදියට. ඒත් ඔහොම ටික කාලයක් යද්දි අපේ අවට ඉන්න පුද්ගලයො, අපේ දෙමව්පියො, ඔවුන්ට අවශ්‍ය විදියට අපිව හසුරවන්න එක එක සම්මතයන් අපේ හිත් වලට ඇතුල් කරනව. වැඩිහිටියො එක්ක එකට එක කියන එක වැරදිය්, හය්යෙන් කතා කරන එක වැරදිය් වගේ අපි කරන දේවල් මැදින් ඉරක් ගහල හොඳ නරක කියල පැති දෙකකට බෙදනව. නරකය් කියන දේවල් කරන්න එපා කියනව, කලොත් දඬුවම් කරනව. තර්ක කරන්න තරම් බුද්ධියක් නැති දරුව එක්කො ඔය දඬුවම වලට බයේ, නැත්තන් වැඩිහිටියන් සතුටු කරල වරප්‍රසාද හිමි කර ගන්න අරමුන ඇතුව “නරක” නොකරන්නත් “හොඳ” කරන්නත් පුරුදු වෙනව. ඔය අතරෙ ගොඩක් දෙමව්පියො හොඳ නරක ලැයිස්තුව ට අලුතෙන් දේවල් හඳුන්වා දෙන්නත් අමතක කරන්නෙ නැහැ. අර පොතට වඳින්න, මේ පිලිමෙට වඳින්න, එහෙම කලොත් මේව ලැබෙනව, ඒව පිලිගත්තෙ නැති උනොත් දුක් විඳින්න වෙනව කියල ලමයගෙ මනසට ඇතුල් කරනව. අපි අයිති අහවල් පන්තියට, අහවල් ජාතියට, අපි ඉන්න ඕනෙ මේ විදියට කියල සම්මතයන් හදල දෙනව. යමක් අත්හදා බලල ඒකෙ ප්‍රථිපල අනුව යමක නිරත වෙන්නත්, එයින් වැලකෙන්නත් පුරුදු වෙන්නෙ කලාතුරකින්.
ඊට පස්සෙ මේ දෙමව්පියො කරන්නෙ තමන්ගෙ අදහස් වලට ගැලපෙන අදහස් දරුවන්ට කවන පාසලකට දරැවව ඇතුල් කරන එක. පාසලෙන් දැනුම දෙන අතරෙම විවිධ මත හිතට ඇතුල් කරනව. ගුරුවරුන්ගෙ පෞද්ගලික මත වලින්, පාසල නියෝජනය කරන ආගමික හා ජන වර්ග වලට අයිති මත වලින් ඔවුන්ව වහල දානව. අවුරුදු ගනනාවක් බිත්ති හතරකින් වට කරල තමන්ට අවශ‍්‍ය විධියට ඔවුන්ව හැඩ ගස්සනව. ඔය බිත්ති හතර ඇතුලෙ නිර්මානය වෙන්නෙ එකම අදහස් තියෙන පිරිසක් නිසා තමන් විශ්වාස කරන දේ ගැන විමසන්න ඔවුන්ට උවමනාවක් ඇති වෙන්නෙ නැහැ.
ඔය විධියට විශ්වාස ගොඩක් කරපින්න ගෙන තරුන වයසට එන පුද්ගලය ඊලඟට ව්‍යාපාරිකයන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනව. තරුනයෙක් නම් මේ දේවල් මිලදී ගන්න, මේ විදියෙ පෙනුමක් තියෙන්න ඕනෙ, තරුනියක් නම් සුදු වෙන්න ඕනෙ, මේ විධියෙ රූපවාහිනී වැඩසටහන් බලන්න ඕනෙ, ඔබ මේ පන්තියෙ කෙනෙක් නම් මේ තැන් වලට යන්න ඕනෙ, මේ කෑම කන්න ඕනෙ ආදී වශයෙන් ඔවුන් ජීවන රටාවල් ටිකක් හදල දෙනව. කවුරු හරි රෑපවාහිනියෙ මේ දේ හොන්දය් කියල කිව්වොත්, ඒ දේ මිල දී ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නව. එහෙමත් නැත්තන් නිකමට වගේ පාවිච්චි කරල බලන්න ගන්නව. පුවත්පතක තියෙන ඕනෙම දෙයක්, රෑපවාහිනියෙ පෙන්වන ඕනෙම දෙයක් ගැන විශ්වාසය තබනව.
දේශපාලනය ගැන උනන්දුව ඇති වෙන
වයසට ආවම දේශපාලකයන්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. දේශපාලකයො දන්නව ඔබේ හොඳ නරක ලැයිස්තුව හැදිල තියෙන්නෙ මොනවයින්ද කියල, ඔවුන්ට පුලුවන් ඔබ හදාගෙන තියෙන ආගම, ජාතිය, පන්තිය වගේ ලේබල් දිහා බලල ඔබේ ඔලුව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල හරියට අනුමාන කරන්න.මොකද ඔවුන් දන්නව එක වගේ බිත්ති හතරක් ඇතුලෙ හැදෙන්නෙ එක වගේ විශ්වාස තියෙන මිනිස්සු කියල. ඔවුන් අපේ විශ්වාස පාවිච්චි කරල අපිට අලුත් විශ්වාස හදල දෙනව. සමහරු කියනව දෙවියො ඉන්නව කියල, ඔවුන් හරි කියල ඔප්පු කරන්න, අනුන්වත් එහෙම හිතන්න පොලඹවන්න නොකරන දෙයක් නැහැ. තව අය දෙවියො නැහැ කියල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනව. සමහරු කියනව අපේ ජාතිය තමය් උසස් කියල, කට්ටියක් කියනව හැමෝම එක සමානය් කියල. සමහරු කම්කරු පන්තිය දිනවන්න වලි කද්දි කට්ටියක් කියනව ධනවාදෙ නැතුව බැහැ කියල. සමහරු තමන් කැමති දේශපාලකය, තමන් කැමති පක්ෂෙ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති වෙලා ඉන්නව. තවත් රටක දේශපාලකයො පන්නන්න මිනිස්සු මැරුම් කනව. අපි හැමෝටම ප්‍රියතම කෑම ජාතියක්, බීම ජාතියක්, කැමති ජංගම දුරකතන වෙලඳ නාමයක්, කැමති අවන්හලක් තියෙනව. කැමති ගායකයෙක්, නලුවෙක් ඉන්නව. කැමතිම රූපවාහිනී නාලිකාවක්, වැඩසටහනක් තියෙනව. ඒ දේවල් වෙනුවෙන් මුදල්, ශ්‍රමය සහ කාලය වැය කරනව. අනිත් අයටත් ඒව අත්හදා බලන්න කියමින් නොමිලේ වෙලඳ දැන්‍වීම් සපයනව.
මේ ලිපිය ලියන මමත්, ලිපිය කියවන ඔබත් කොපමන විශ්වාස හා මත දරනවද? ඒ උනාට අපි කීයෙන් කී දෙනාද අපෙන්ම අහන්නෙ, “ඇය් මම විශ්වාස කරන දේවල් මම විශ්වාස කරන්නෙ?”. වහලෙක් තම ස්වාමිය වෙනුවෙන් ටොන් ගනන් බර අදිනව, ඒ උනාට හම්බෙන්නෙ යන්තන් කුස පුරවගන්න කෑම ටිකක් විතරය්. ඇත්තටම ඔබෙත් මගෙත් විශ්වාස වලින් වැඩි වාසි ලබන්නෙ කවුද? අපි දන්නෙම නැතුව අපි මාධ්‍ය කාරයො වෙනුවෙන්, ව්‍යාපාරිකයො වෙනුවෙන්, දේශපාලකයො වෙනුවෙන් බර අදිනව. ඔවුන් අපේ මුදල්, ශ්‍රමය, කාලය ඉන්ධනයක් කරගෙන ඔවුන්ගෙ අරමුනු වෙත ලං වෙනව. ඔවුන් කරන්නෙ ඔවුන් ගෙ අදහස් අපේ අදහස් කියල අපිට අඟවන එක. අපි කරන්නෙ අපිට අවශ්‍ය දේ කියල අඟවන එක. නමුත් යථාර්තය නම් අපි කරන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ.
අපි අපේ හොඳ නරක ලැයිස්තුවට සමාන ලැයිස්තු නැති මිනිස්සු එක්ක හැප්පෙනව, අපේ දේ තමය් හොඳම කියන්න අපි දඟලනව. අනුන් අපේ මොල වලට ඇතුලු කල දේ තේරුමක් නැතුව ඔහේ ගිරව් වගේ නැවත නැවත කියවනව. අපි මේ ක්‍රමයට කොච්චර හුරු වෙලාද කියනවනම් ඒක අපිට ආඩම්බරයක්. කවුරුවත් හොන්ඳය් කියන දේ මිල දී ගන්න එක අපිට ආඩම්බරයක් . අපේ ජාති ආගම් පන්ති පට්ටම් අපිට ආඩම්බරයක්. අනුන් කියන දේ අහල අනුන් වෙනුවෙන් බර අදින එක අපිට ආඩම්බරයක්. අපි ආඩම්බරකාර වහල්ලු. තමන් වහල්ලු කියලවත් නොදන්න වහල්ලු.
ප්ලේටො මිනිස්සුන්ව සමාන කරන්නෙ ගුහාවක් ඇතුලෙ අඳුරෙ දම්වැල් වලින් බැඳල දාලා තියෙන, බිත්තියෙ තියෙන හෙවනැලි දිහා බලල සතුටු වෙන, ඒවට වටිනා කම් දෙමින්, ආලෝකයට යන්න උවමනාවක් නැතුව ජීවත් වෙන පිරිසකට. අපිට නොතේරෙන්න අපිව දම්වැල් ගොඩකින් බැඳලය් තියෙන්නෙ. අපේ මනස දම්වැල් වලින් බැඳල අනුන්ට අවශ්‍ය විධියට අපිව මෙහෙයනව. කුඩා කාලෙදි විමසා බලන්න තියෙන හැකියාව අඩු නිසා හැම දෙයක්ම පිලි ගත්තත් අපි බුද්ධියෙන් පරිනත උනාට පස්සෙ කරන්නෙත් ඔය ටිකමය්. අපි විශ්වාස කරන ගොඩක් දේවල් විශ්වාස කරන්නෙ විශ්වාස කරන පලියට. ඒකය් පොඩි ලමයෙක් "ඇය් ඒ" කියල ඇහුවම අපිට උත්තර නැති වෙන්නෙ. පොඩි ලමය් අපිට සවන් දෙන්න සූදානමින් ඉන්නෙ. නමුත් අපි, අපි හරියි කියන ස්ථාවරය දරනව, අන් අයට ඇහුන්කන් දෙන්නෙවත් ඔවුන්ගෙ මත වලට ගරු කරන්නෙවත් නැහැ.
අපි පොඩ්ඩකට නැවතිලා අපි විශ්වාස කරන දේවල් වැරදි වීමේ සම්භාවිතාව ගැන හිතල බලන්නෙ නැහැ. අපිත් "ඇය් ඒ" කියල අපෙන්ම අහන්න පටන් ගන්න දවසට තමය් අපිට අපේ මනස හිර කරල තියෙන දම්වැල් පේන්න ගන්නෙ. අකමැත්තෙන් හරි අනුන්ගෙ මත වලටත් ඇහුන්කන් දුන්නොත් තමය් අපි කරන වහල් කම් අපිටම තේරුම් යන්නෙ. එම නිසා ඔබට සමාන මත තියෙන අය සමග පමනක් සිටීම ස්වයං වින්දනයක් පමනය්, එතන ඉදිරියට යාමක් ඇත්තෙ නැහැ. ආගමිකයො, නිර්ආගමිකයො, ලිබරල්, කන්සරෙටිව් කඳවුරු වලට බෙදිල අපි අපේ මත වලට සමාන මත තියෙන මිනිස්සු එක්ක අදහස් බෙදා ගන්න කොට අපිට ලොකු සතුටක් වගේම ආරක්ශාවක් දැනෙනව, ඒ අපි සමාන අදහස් තියෙන මිනිස්සු එක්ක ආපහු කොටු වෙලා නිසය්. ආරක්ශිත බවක් දැනෙන කඳවුරු වලින් එලියට එන්න. අපි කවුරුත් දැනුමෙන් පරිපූර්න නැහැ, අපි හැමෝම "ඇත්ත" හොයන්නෙ අපි කවුරුත් ඇත්ත දන්නෙ නැති නිසය්. ඒ හේතුව නිසා අපිට කවදාවත් සම්පූර්නයෙන් විශ්වාස කියන දම්වැල් වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙ නැහැ. නමුත් අපි පුලුවන් තරම් නිදහස් විය යුතුය්, අඩුම තරමෙ අපි දම්වැල් වලින් බැඳිල ඉන්නෙ කියලවත් තේරුම් ගත යුතුය්. ඔබ ඔබව ඉලක්ක කරන අයගෙන් "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබ ඔබේ විශ්වාස ලැයිස්තුව අරන් ඔබෙන්ම "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබේ විශ්වාස ඔබේ හිත ඇතුලට රිංග ගත්තෙ කොහෙන්ද කියල හොයා ගන්න උත්සහ කරන්න, එදාට තමය් ඔබ නිදහස් වෙන්නෙ. නිදහස් වන්න අකමැති උනත් තමන් බැඳල තියෙන දම්වැල් ගැන අවබෝධයෙන් ඉන්න, දම්වැලේ අනිත් කොනේ ඉන්නෙ කව්ද කියල තේරුම් ගන්න. එවිට ඔවුන්ට උවමනා විදියට ඔබේ විශ්වාස දම්වැල් ඔබව වහල් කමේ යොදවන්න පාවිච්චි කරන්න බැරි වේවි. කොහොම හරි ලිපියෙ අන්තිම වෙනකන් මම ඔබව රඳව ගත්ත නේද?
Subscribe to:
Posts (Atom)



























