f

Wednesday, April 11, 2012

සුනාමිය, ඉතින් ස්තූතිය්



අද තිබ්බෙ වෙනද තිබුනු ලංකාව නෙමෙය්.

මිනිස්සු හැමෝම එක කල්පනාවක, එක අරමුනක.

"සුනාමියක් එනවලු". මේ ආරාංචිය මිනිස්සු එකිනෙකාට කියාගත්තෙ බයක් වත් දුකක් වත් හිතේ තියා ගෙන නෙමෙය්, අමුතු ත්‍රාසයක් එක්ක.

කට්ටය එහෙ මෙහෙ දිව්ව, මුහුදු හූලඟක් නොවදින මානෙක වත් නොහිටපු මිනිස්සු රූපවාහිනියෙය් දුරකථන වලය් එල්ලී ගෙන. ගෙවල් ගානෙ ආරංචිය අරන් යනව.

"සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කලා" රූපවාහිනියෙන් කිව්වම අපි හැමෝම සැනසුම් සුසුමක් හෙලුව, හැබැය් ලෝකෙට පේන්න විතරක්. ඔය නිවේදනයත් එක්ක හිත් යට ඇති උනේ ලොකු බලාපොරොත්තු කඩ වීමක්.

ලෝකෙට පේන්න හනේ හපොය් කිව්වට මුලු රටේම අවධානය ඇද ගන්න දෙයක් වෙනවට හිත ඇතුලෙ අපි හැමෝගෙම කාලකන්නි ආසාවක් තියෙනව.

"ඉස්සර ලංකාව විනෝදජනකය්, ත්‍රාසජනකය්, සැරෙන් සැරේ බෝම්බ පුපුරනව, ඒත් යුද්ධෙ ඉවර උනාට පස්සේ ලංකාව අම්බානක කම්මැලි රටක් උනා"

වෙබ් අඩවියක ලංකාව ගැන තිබුනු ලිපියක් යටින් වැටිල තිබුනු ප්‍රතිචාරයක් වසරකට විතර කලින් මම දැක්ක.

බෝම්බයක් සුනාමියක් ගැන දැනගත්තම ඇඟ පුරා ගලා ගෙන යන හෝමෝන පහරවල් එක්ක මනසට ඇඟට එන්නෙ අමුතුම ගැම්මක්. ඕක පිටකරගන්න අපි පුලුවන් තරම් දුරකථන වලින් ඔය ආරංචිය පතුරනව. ප්‍රවෘත්ති බලනව.

ඉස්කෝල, පන්ති කට් කරන්න පුලුවන් නිසා පොඩි එවුන් උඩ පනිනව. මහ එවුන්ටත් ටික වෙලාවකට දෙවනි ජීවිතයක් ලැබෙනව. හැමෝම එකම අදහසක් යටට එනව. නෑදෑයොන්ට කතා කරන්න හම්බෙනව. ඒක කලාතුරකින් හම්බෙන කැත වගේම ලස්සන මොහොතක්.

මිනිස්සු දාස් ගානකගෙ ජීවිත ඇපේට තියල අපි ඒ මොහොත විඳිනව.

හිතේ එක පැත්තකින් හානියක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කලාට හිතේ අනික පැත්තෙන් පත රැල්ලක් ඇවිල්ල ගොඩනැගිලි කඩා ගෙන යනව බලන්න ආසය්. හැබැය් හිතේ ඒ පැත්ත අපි කාටවත් පෙන්නන්නෙ නැහැ.

ලංකාවෙ අද ක්‍රමයෙන් වැඩි වෙන ජාතිවාදෙ, ඇමරිකන් විරෝදෙ පිටිපස්සෙ තියෙන හේතුව ඕක. වසර ගනනාවක් යුද්ධෙන් ගත්ත ඔය ආතල් එක පාරටම නැති වුනාම කුඩු කාරයෙක්ට කුඩු නැති වුනාම වගේ ලංකාවෙ මිනිස්සුන්ට අරමුනක් නැති උනා. ජීවිතේ කම්මැලි උනා.

අපි එදා ඉඳන් හතුරෙක් හොය හොයා යනව. වෙලාවකට මුස්ලිම් මිනිස්සු මේ හතුරගෙ තැන ගන්නව, නෝ ලිමිට් ටොෆිය මේ තැන ගන්නව. වෙලාවකට ඔබාම හතුර වෙනව, තවත් වෙලාවකට රිය අනතුරුත් ත්‍රස්ථවාදයක් හැටියට හංවඩු ගැහෙනව.

ආන්ඩුව ඔය වචන පාවිච්චි කරන්නෙ හිතු මතේට නෙමෙය්, ඇත්තටම ජන මනස අඳුරගෙන ඉන්න නිසා.

කාලෙකට පස්සෙ මේ මිනිස්සුන්ට සුරාන්තය හැදෙන තරමටම සුනාමියෙන් වින්දනයක් දුන්න.

සුනාමිය,ඉතින් ස්තූතිය්.

2 comments:

  1. අහම්බෙන්, වෙන වචනයක් සර්ච් කරන්න ගිහින් මෙතැනට වැටුනේ. ඇයි මේ බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල නැත්තේ.......... කියවපු කිහිපය ගත යුතු කාරණා යුතු ලිපි. සින්ඩිකේටර්ස් වලට දැම්මා නං අපට පහසුයි.

    ReplyDelete
  2. සැබෑම කතාව..වානේ මංදා...ලංකාවෙ මිනිස්සුන්ට ඔය කියන ''ආතල්'' තියෙනවනම්..පසුකාලින ප්‍රතිපල මොනා වුනත් කමක් නෑ... :(

    ReplyDelete