පර්යේශන වලට අනුව දිනකට
පිරිමියෙකු දහතුන් වතාවකුත්, ගැහැනුන් පස් වතාවකුත් ලිංගිකත්වය ගැන හිතනව. නමුත් ලිංගිකත්වය කියන්නෙ නොහොඹිනා දෙයක්, ලිංගික ක්‍රියා වල නිරත වීම මහ පොලව
නුහුලන අපරාධයක්. එයින් වසර 2500 ක් පරන අපගේ සංස්කෘතිය විනාශ වන අතර තරුන ජීවිත
අඳුරු වෙනව. නිරුවත, ලිංගික ක්‍රියා රස විඳීම අපේ සංස්කෘතියට අය්ති නැහැ. මේ දිනපතා
අපිට පාසලෙන්, රූපවාහිනියට එන පඬියන්ගෙන් ඇහෙන දේ. එහෙනම්
ලංකාවෙ ඉන්නෙ අමුතුම මිනිස්සුද, නැත්නම් ඔය ඇතිවෙන ලිංගික හැඟීම් පිට වෙන්නෙ
කොහෙටද?
ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරීම තියා තරුන ජෝඩුවක් අත් අල්ලන් ගියත්
කේන්ති යනව, නිරුවත තියා කොට සායක් දැක්කමත් ඉහ මොල රත් වෙනව. ඔවුන්ට අනුව අත්
පටලවා ගෙන යාමටත්, කොට සායටත් රටක් විනාශ කරන්න පුලුවන් අපූරු බලයක් තියෙනව. ඉතින්
පාලකයන්ටත් මේ අයව සතුටින් තියන්න ක්‍රියා මාර්ග ගන්න වෙලා. කුරුනෑගලදි අත් අල්ලන්
ගිය ජෝඩු දෙසීයක් විතර අත් අඩංගුවට ගන්නව, හෝටල් කාමර වටලනව, ගාල්ල කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්
කරනව. දැන් සියල්ල හොඳින්, රට යහපත් වේවි. නැහැ, තරුනයො කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා,
ගනිකා ව්‍යාපාරය සරුවට සිදුවෙනව, රට නැවතත් අනතුරේ. කාම චිත්‍රපටි අවහිර කරනව, ගනිකා මධ්‍යස්ථාන
වටලනව.
ඒත් තත්වය තවත් නරක අතට හැරෙනව, ග්‍රීස් යක්කු බෝ වෙලා ගෑනුන්ට අතවර කරනව,
මේ අතරෙ පාරට බහින මහ ජනයා ග්‍රීස් යක්කුන්ට ගහල මරනව. සමාජයම අබ්බගාතය්,
නොදියුනු අප්‍රිකානු රටක තත්වයට ලංකාව ඇද වැටෙනව.
මේකට හේතුව මාධ්‍ය වලින් විකුනන නිරුවත, පරිගනකය, ජංගම දුරකථනය, කට්ටියක් කියනව. තව තවත් මේ දේ පාලනය කල යුතුය්, යටපත් කල යුතුය්, ඒ ඔවුන් යෝජනා කරන විසඳුම. හැබැය් බස් වල ජැක් ගැහීමේ චාරිත්‍රයෙ නම් කිසිම අඩුවකුත් නැහැ. මෙහෙන් කට්ටියක් කියනව ලාංකිකයො සදාචාරාත්මක ජාතියක් කියල, එහෙන් කට්ටයක් ග්‍රීස් ගාගෙන ගෑනු දඩයමේ යනව, බස් වල ජැක් ගහනව. මෙහෙන් කට්ටියක් කියනව ලිංගිකත්වය සමාජයෙන් යටපත් කලාම ඔක්කොම හරි යය් කියල, නමුත් යටපත් කරන්න කරන්න තත්වය තවත් තවත් නරක අතට හැරෙනව. මොනවද මේ පරස්පර විරෝධී කතා?

මුන් ඔක්කොම පිස්සො, හනමිටි කාරයො, කට්ටියක් කියනව. නමුත් ඔය ප්‍රශ්නෙ මුල් අවුරුදු සිය ගනනක් පරන ඉතිහාසෙට ඇදිල යනව. දහ නමවෙනි සියවසේ එංගලන්තයෙ තිබුනු සංස්කෘතියෙන් කාන්තාව පරිගනක වැඩසටහනක් වගේ විධාන කිහිපයක් පිලිපදින්න පුරුදු කරල තිබුනෙ. බිම ගෑවෙන තරම් දිග ගව්මක් ඇඳගෙන, අහිංසක, නිර්මල, සංවර ගැහැනියගේ චරිතය රඟ පාන්න ඔවුන්ට සිදු වෙලා තිබුන. ලිංගිකත්වය ගැන දැනුමක්, තමන්ගෙ මතයක් දැරීමට අය්තියක් ඔවුන්ට තිබුනෙ නැහැ. කොටින්ම කාන්තාව පන නැති බෝනික්කෙක් බවට පත් කරල තිබුනෙ. ඇඟ ආවරනය වෙන්න ඉහල පන්තියෙ ගෑනු ඇඳුම් අඳිද්දි පහල පන්තියෙ ගෑනු ඇඟ නිරාවරනය කර ගෙන ඉන්න, ලිංගිකත්වය ගැන කිසි වගකීමක් නැති සදාචාරය සෝදා පාලු කරන්නන් කියල හංවඩු ගැහෙනව.
සුද්ද ලංකාවට එන කොට ලංකාවෙ ගෑනු හිටියෙ අඩ නිරුවත්ව, ලිංගිකත්වය උනත් ඔවුන්ට මහ දෙයක් වෙලා තිබුනෙ නැහැ. නමුත් ඉංග්‍රීසීන්ගෙ ආක්‍රමනයෙන් පස්සෙ ඔවුන්ව ලඟින් ආශ්‍රය කරපු රදලයො ඔය සංස්කෘතිය තමන්ගෙ කර ගන්නව. සුද්ද රට දාල යන්නෙ ඔන්න ඔය රදලයො ටික ඉතුරු කරල. ඉහල පන්තියට සම වීමේ මේනියාවකින් පෙලෙන පහල සමාජ ස්ථර වල මිනිස්සු ඔය සංස්කෘතිය වැලඳ ගන්නව. ගැහැනිය සමාජ යහපත උදෙසා තම ශරීරය සම්පූර්නයෙන් ආවරනය කර ගත යුතුය්, ගැහැනියට අධ්‍යාපනය සුදුසු නැත, රැකියා කිරීම සුදුසු නැත වගේ මත අපේ සමාජයෙ මුල් බැහැ ගන්නව. දැන් අපේ ඈයො ඔය ලාංකීය සංස්කෘතිය කියල ඇත්තටම රකින්න හදන්නෙ එංගලන්ත කාරය උනත් විසික් කරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය, එතන අපේ කමක් නැහැ.

කාලයත් එක්ක ලංකාවෙ තියෙන ආගමික පසුබිමින් ඔය ක්‍රමයට පොහොර වැටෙනව. ඒ ක්‍රමය තමය් රබර් බෝලය වතුර යට ඔබන් ඉන්නව වගේ ලිංගිකත්වය යටපත් කරන එක. නමුත් අපි අපිටම කොච්චර බොරු කරන්න හැදුවත් අපි හැමෝම ලිංගිකත්වයට, නිරුවතට හරි පෙරේතය්. ඉතින් ඔය අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි උනු තැන බලාපොරොත්තු කඩ වෙනව, මිනිස්සු අසහන කාරයො වෙනව, ප්‍රචන්ඩ වෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ට වෛර කරනව. අරාබිකර රටවල් වල කාන්තාවන්ට ගල් ගහන්න පිරිමි කැමැත්තෙන් ඉදිරි පත් වෙන්නෙ ඔය වෛරය පිරි මහගන්න, තමන්ව ලිංගික අසහනයට පත් කරන ගෑනුන්ට ඔවුන් වෛර කරනව.
ශතවර්ශ ගනනාවකට කලින් හිටපු කතෝලිකයො ලස්සන කාන්තාවන්ට මායාකාරියො යැය් චෝදනා කරල, ඔවුන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කරල වධ දුන්න, වධකයන්ට ලිංගික හැඟීම් ඇති වුනොත් ඒකට චෝදනා කලෙත් කාන්තාවට.
Sexual repression, එහෙමත් නැත්නම් ලිංගික අවරෝධනය තියෙන ඕනෙම රටක මිනිස්සු ප්‍රචන්ඩය්. ඔය ප්‍රචන්ඩත්වය තමය් ලංකාවෙ හැම තැනම දකින්න තියෙන්නෙ, ඔය ප්‍රචන්ඩත්වය තමය් ග්‍රීස් යක්කු සිද්ධියෙදි රබර් බෝලෙ උඩට එනව වගේ මුලු ජන සමාජයම කම්පනය කරමින් මතු උනේ. කාන්තාවන් කෙරෙහි වෛරයද අපේ සමාජයෙ අඩුවක් නැතිව තියෙනව. කොට ඇඳුමක් ඇඳන් ඉන්න තරුනියකගෙ ඡායාරූපයක් අන්තර්ජාලයෙ පලවුනොත් වැටෙන ප්‍රතිචාර බහුතරයක් අමු තිත්ත කුනුහර්ප. සංස්කෘතිය ආගම වගේ වචන තමන්ගෙ දුර්වල පෞරුශය වහගන්න ඔවුන් පාවිච්චි කරනව. තමන්ගෙ ලිංගික ආසාව පාලනය කර ගැනීමේ වගකීම ඔවුන් පවරන්නෙ කාන්තාවට. පිරිමින්ව සදාචාරාත්මක කරවන්න කාන්තාවට තමන්ව කොටු කර ගන්න වෙලා.

අපේ රටේ ලිංගිකත්වයට විරුද්ධ අය බොහෝ විට විරුද්ධ වන්නේ තමන්ගේ ආගමික මත නිසා, නැතිනම් තියෙන සමාජ ක්‍රමය අසාර්ථක වුවත් එහෙමම තියෙන්න ඕන කියන ගතානුකතිකවාදියො නිසා.

කාම චිත්‍ර පටි, ගනිකා වෘතිය පවතින්නෙ ඒවට ඉල්ලුමක් පවතින නිසා. මිනිස්සු තමන්ගෙ ලිංගික ෆැන්ටසි තෘප්තිමත් කර ගන්න කාම චිත්‍රපටි පාවිච්චි කරනව. තමන්ගෙ ෆැන්ටසිය වෙනුවෙන් අපචාර වල නිරත වීමට වඩා ඒ ක්‍රමය දහස් ගුනයක් හොන්දය්. කාම චිත්‍රපටි තහනම් නැති රටවල් වල ලිංගික අපරාධ අඩු ඒ නිසය්. ගනිකා ව්‍යාපාරය කියන්නෙ සියයට සියයක් හොන්ද, කිසිම නරකක් නැති ක්‍රමයක් නෙමෙය්. හැබැය් මුදලට ලිංගිකත්යව ගන්න බලන් ඉන්න පිරිස් වගේම එය සපයන්න සූදානමින් ඉන්න පිරිස් සමාජයෙ ඉන්නකන් ඒ ක්‍රමය නැති කරන්න බැහැ. ලෝකෙ කිසිම රටක් ගනිකා වෘතිය නැති කරන්න සමත් වෙලා නැත්තෙ ඒ නිසය්. එම නිසා තහනම් කරපු පලියට ගනිකා වෘතිය නතර වෙන්නෙ නැහැ, හොරෙන් හරි සිද්ධ වෙනව, ඉතින් කල යුත්තේ එය නීත්‍යානුකූල කොට පාලනයකට යටත් කිරීමය්. නැතිනම් වගකීම් රහිත ගනිකා ව්‍යාපාරයක් රට තුල හොරෙන්ම ක්‍රියාත්මක වීමය් සිද්ධ වෙන්නෙ.
නමුත් තාමත් අපේ රටේ සදාචාරය ලඟා කර ගත හැකි එකම ක්‍රමය හැටියට දක්වන්නෙ ලිංගිකත්වය හැංගීම. අපිව ලොකු ලිංගික පීඩනයනට ඒ ක්‍රමය ලක් කරල. ඒ පීඩනය වහගන්න ආපහු අපි බොරු සංස්කෘතියක් දේශනා කරනව, ඉතින් අපේ සමාජෙ ලිංගික අසහනයේ චක්‍රයකට හව් වෙලා. ලිංගික ආසාවල් සංසිදවගන්න තියෙන හැම ක්‍රමයක්ම අවහිර කරල, අපිට වෙලා තියෙන්නෙ අපේම ඔලු ඇතුලෙ නිරුවත් රූප මවාගෙන අපිටම තනියෙන් ආතල් දීගන්න. නැත්තන් ඉන්නම බැරි තැන ජැක් එකක් ගහන්න. අපේ රටේ පිරිමි ගෑනු ඇඟ පේනවට අඳිනවට අකමැති අමුතුම ජාතියක්ද, නැහැ, තමන්ටම ලොකු බොරුවක් කර ගන්නෙ. දවසෙ අන්තිමට අපි හැමෝම මහ බොරු කාරයො වෙලා. අපිට රූපවාහිනියෙ පේන නිලියෙක්ගෙ කකුලකුත් මහා වින්දනීය දෙයක් වෙලා, නිලි ගනිකාවො මහ ලොකු ප්‍රවෘත්ති වෙලා.
සදාචාර කල්ලි හැදිල වැලන්ටයින් තහනම් කරන්න කියනව, සමරන අයට හිරිහැර කරනව. පොලිසි වලින් සදාචාරය රකින්න හෝටල් වලට පනිනව. තමන්ගෙ දෙමව්පියන්ගෙන් බලෙන් ලැබුනු ආගම ආභරනයක් කර ගත්තු සංස්කෘතිය කොය් වෙලාවෙත් කටෙන් බේරෙන අය්යල මල්ලිල කවුරුත් රෑට කරන්නෙ රූපවාහිනියෙ හරි අන්තර්ජාලෙ හරි පිහිටෙන් ස්වයං වින්දනයට රෑපයක් හොයාගන්න එක. රියැලිටි ටීවී වැඩසටහන් වල ගෑනියෙකගෙ බඩක් කකුලක් පෙන්නන කල් කටවල් ඇරන් බලන් ඉන්න එක, අන්තර්ජාලයෙ කොට ගවුමක් දැක්කොත් කුනුහර්පෙන් කමෙන්ට් කරල, සංස්කෘතිය විනාශ කිරීමේ චෝදනාවට ලක් කරල, කාටත් හොරෙන් ඒක දිහාම බලාගෙන ආසාව සංසිඳවගන්න එක. ඕක තමය් අපේ රටේ තාරුන්‍යය. අපේ ලිංගිකත්වය තනිකර රැඳිල තියෙන්නෙ රූපවාහිනියෙය්, අනතර්ජාලයෙය්, අපේ අතෙය්. ඒක ලිංගික අධ්‍යාපන ක්‍රමයක් යටතේ ගැහැනුන්ගෙන් වෙන්ව හැදෙන අපේ රටේ පිරිමින්ට ගැහැනිය ලිංගික සෙල්ලම් බඩුවක් බවට පත්වෙලා, ලිංගිකව එක් වීමෙන් ආදරය ඉවත් වෙලා, ගැහැනිය කියන්නෙ හැඟීම් දැනීම් නැති බස් එකේ යන ගමන් හේත්තු වෙන්න තියෙන භාන්ඩයක් බවට පත්වෙලා. කොටට අඳින ගෑනු වල් ගෑනු කියල හිතන්න අපිව පුරුදු කරල. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ඇඳුම් අඳින ගෑනුන්ට වෛර කරන්න පුරුදු කරල, ගෑනුන්ව වැරදි කාරයො කරල. ලිංගික ආසාවල් යටපත් කරගැනීම නෙමෙය් කාටවත් හිරි හැරයක් නැති විදියට ඒව විඳගැනීමය් සමාජෙටත් තමන්ටත් වඩා හොන්ද කියල අපි තවමත් තේරුම් අරන් නැහැ. අපි කවුරුත් මොනව කිව්වත් ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ අපිත් හිත් ඇතුලෙන් මහම මහ වලත්තයො ටිකක් කියල පිලිගන්න අපි තවමත් සූදානම් නැහැ. ඉතින් අපි ස්වයං වින්දනය කරමු, ආඩම්බරෙන්. හැබැය් ස්වයං වින්දනයෙ අන්තිමට දැනෙන්නෙ මහම මහ කාලකන්නි තනිකමක්. ඒ තනිකමත් අපිට ආඩම්බරයක්.

පැහැදිලිවම!කලයුතුව ඇත්තේ මිනිසුන්ගේ හා ළමයින්ගේ ආකල්ප වෙනස් කිරීම හා දැනුම ලබා දීම මිසක් මේවා තනම් කරන එක නෙවෙයි...තමන් බලන දේ,තමන් නිදා ගන්න කා එක්ක ද කියන එක තමන්ගේ අයිතිය(18ට වැඩිනම්)ඒවාට මැදිහත් වෙන්න,කාමර වලට පනින්න තියන නීතිමය අයිතිය සැබැවින්ම ප්‍රෂ්න කල යුත්තක්!
ReplyDeleteSAMPOORNA ATHTHA KATHAWAK
ReplyDeleteපවතින ක්‍රමය වැරදි බව පිලිගනිමි
ReplyDeleteමේ ආකාරයෙන් ඇතිවන කතා
මේ වන විට සුලබ වෙමින් පවතී නමුත්
අන්තර්ජාලය තුල මේ සම්බන්ධව පලවූ කිසිදු ලිපියක් තුල මේ උදෙසා පැහැදිලිව කලයුතු දෙයක්, අඩුම තරමේ මේ පිළිබඳ සාර්ථක ක්‍රමයක් පවතින රටක් වත් උදාහරණයට ගෙන කරුණු දක්වා නොමැත.
එම ලිපි සඳහා ප්‍රතිචාර දක්වන පිරිස් අතරද ඒ සඳහා නිවැරදි පිලිතුරක් නැත
ආකල්පමය වෙනසක් අවශ්‍ය යැයි පමනක් පවසන අතර
ඒ කෙසේදැයි දක්වන්නේ නැත
සමහර ලිපි කියවාගෙන යනවිට ඔවුන්ම ලිපිය මුලදී කියන දේවල්
ඔවුන්ගේම අදහස් මගින් බිඳ වැටෙන අවස්තාද සුලබය
විවේචනයක් නොවේ සාර්ථක කුමවේදයක් ඇත්නම් එය ක්‍රියාත්මක කිරීම උදෙසා සම්පුර්න සහයෝගය දිය හැකි වේ