f

තාප්පෙ ගැන



පොඩි කාලෙ හිතට මොකක් හරි ආවම ඔහේ ගෙදර බිත්තියක බලි කුරුට්ටක් අඳිනව. ඉස්කෝලෙට ගියාම හිතට එන දේවල් පන්ති කාමරයෙ බිත්ති වල විතරක් නෙමෙය් වැසිකිලියෙ බිත්ති වල පවා ලියනව. එතනින් නවතින්නෙ නැතුව පාරෙ තියෙන බිත්ති වල පොල් ගෙඩි අකුරෙන් ලියල දානව. එක ඉස්කෝලෙක කොල්ලෙක් තව ඉස්කෝලෙක කෙල්ලෙක්ට තියෙන ආදරේ ඉන්දන් විශ්ව විද්‍යාලෙ ඉන්න විප්ලවකාරයගෙ තරහ වෙනකන් පිට කරන්නෙ ඔන්න ඔය තාප්ප වලට. ඒක නිසා තාප්පයක් කියන්නෙ මොකක් හරි දෙයක් ගැන මිනිහෙක්ගෙ අවංක අදහස් දකින්න පුලුවන් තැනක්. මේ මගේ තාප්පෙ, මම මෙතන කුරුටු ගාන්නෙ මගේ හිතේ තියෙන දේ පිට කරන්න මිසක් සමාජයේ මහා ලොකු වෙනසක් ඇති කරන්න හරි වෙන මොකක් හරි ලොකු අරමුනක් හිතේ තියාගෙන නෙමෙය්.  සමහර විට මම ලියන ඒව මිනිස්සු දකීවි, සමහර විට දකින එකක් නැහැ, නමුත් මම ලියනව. මගේ හිතේ තියෙන දේ වචන වලට හරවන එක විතරය් මගේ එකම අරමුන. මම ලියන දේවල් එහෙය් කියල පිලිගන්න එපා, මට රසිකයොවත් අනුගාමිකයොවත් එපා, මම ලියන දේ කියෙව්වට තමන්ගෙ බුද්ධියෙන් තනියම හිතන්න, තමන්ගෙ මත දරන්න, එතකොට ඔබට නියම ඔබව හමුවේවි.